(මුදිතා දයානන්ද)
බදුරලිය ප‍්‍රදේශයේ පාසලකට අත්බෝම්බ ගෙනවිත් දැමීම කඩාකප්පලකාරි පිරිසකගේ ක‍්‍රියාවක් බව පොලිසිය පවසයි.
මෙම බෝම්බ පාර්සලය තැබීම පාසල් පවත්වාගෙන යාමට එරෙහිව හා දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණ ඇතිව කිසියම් කඩාකප්පල්කාරි පිරිසක් විසින් කළ දෙයක් බව පොලිසිය පවසයි.
බෝම්බ ඇටවීමට පැමිණියේ නම් එයට ජීව උණ්ඩ අවශ්‍ය කරන්නේ නැති බවද, අත්බෝම්බ සියල්ල එකට බද්ධ කළ ද ඒවා ඉබේම පුපුරා නොයන බවද, ඒ අනුව මෙය සිසුන් පාසලට පැමිණෙන විට දැක කලබලයක් නිර්මාර්ණය කර යළිත් පාසල් වසා දැමීමේ අරමුණ ඇතිව කිසියම් පිරිසක් විසින් කර ඇතැයි ද පොලිසිය පවසයි.
පොලිසිය මෙසේ සඳහන් කරන්නේ බදුරලිය ප‍්‍රදේශයේ පාසලක තිබී අත්බෝම්බ 13ක් හමුවිම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ඊයේ (23) රාත‍්‍රියේ පාසල අසලින් ගමන් ගත් අයෙකු දුන් තොරතුරක් අනුව කළ සෝදිසියකදී මෙම අත්බෝම්බ සහිත බෑගය පංති කාමරයක් අසළ තිබී සොයාගෙන ඇත. ජීව උණ්ඩ කීපයක් හා වයර් කැබැල්ලක් ද මෙම බෑගයේ තිබී හමුවී තිබේ.
මෙම පාසලේ මුරකරුවෙක් සිටින අතර පාසල් සිසුන්ගේ පියවරුන් දෙදෙනෙක් ද එදින මුර සේවයට සහය පිණිස පාසලේ සිට ඇත. කිසියම් පුද්ගලයෙක් පාසල් වත්තේ සිට පැන දුවනු දුටු ගම්වැසියෙක් ඒ බව මුරකරුට පවසා තිබේ. ඒ අනුව සෝදිසි කිරිමේදි අත්බෝම්බ සහිත බෑගය හමුව ඇති අතර පසුව ඔවුන් ඒ බව පොලිසියට දැනුම් දී තිබේ.
|
අත්බෝම්බයක් පිපිරීම සම්බන්ධයෙන් හමුදාවේ උසස් නිලධාරියෙක් මෙසේ කරුණු පැහැදිලි කළේය. අත්බෝම්බයක් නිකම් කිසියම් තැනක තිබුණාට පුපුරන්නේ නැහැ. එහි උඩින් තිබෙන කොක්කක් සහිත කොටස ගැලවිය යුතුයි. ඉන්පසු එහි තිබෙන ඩෙටනේටර් ගිනි ගැනීම සිදුවිය හැකි බැවින් වහා පිටතට විසිකරනවා. එය කිසිවෙකුගේ මැදිහත් විමෙන්ම කළ යුත්තක් මිස ඉබේ සිදුවන්නක් නෙවෙයි. එසේම අත්බෝම්බ එකින් එකට වයර්වලින් ඇමීණිමක් කළ හැකි වන්නේ නැහැ. එය සිදුකරන්න නම් අනිවාර්යයෙන්ම අත්බෝම්බයෙන් ඉහළ කොටස (පින් එක) ඉවත් කළ යුතුය. එම කොටස ඉවත් කළ පසු පුපුරායාමේ අවදානමක් පවතින හෙයින් වයර්වලින් ඇමිණීමක් කරන්නට හැකියාවක් නැහැ. කිසිවෙක් එවැනි වයර් අත්බෝම්බ සමඟ ගෙනවිත් තැබුවේ නම් එය බිය ගැන්වීම සඳහාම කරන ලද්දකි. |
|---|

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස් වෙසින් ඉන්න පිශාචයින්ගේ ක‍්‍රියාවක්. ළමා කල අධ්‍යාපනයක් නොලැබුණු ඊර්ෂ්‍යා සහගත පුද්ගලයකුගේ පහත් වැඩක්... හෙලා දකිමු.
බය කරන්නට හෝ ඒ ගෙනැවිත් ඇත්තේ සෙල්ලම් බඩු නොවෙයි නේද? එකක් නොවෙයි මල්ලක්ම... ඔය කඩාකප්පල්කාරයාම ඔයින් එකක් පාසලට විසිකළා නම් එහෙම මොකද වෙන්නේ...? හිතට එන්නෙම අර සින්දුව. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.. බුදු හාමුදුරුවනේ...
ජීව අත්බෝම්බ නම් ළමුන් ඒවා පරීක්ෂා කරද්දී අනතුරක් වෙන්න දාලා ගියා වෙන්න බැරිද?
මේක මහා මෝඩ තර්කයක්. සිදුවීමට හැකි දේවල්. 1. කුඩා දරුවකුට මෙය උදෑසන හමුවූවා නම්, නිසැකයෙන්ම ඔහු බෝම්බය සමග සෙල්ලම් කිරීමේදී එය පිපිරිය හැක. 2. අත්බෝම්බ සියල්ල එකට බද්ධ කළ විට ළමුන් ඒවා ලිහීමට පොරකද්දී බෝම්බ පිපිරිය හැක. 3. එක බෝම්බයක් පිපුරූවිට සීමාවේ ඇති අනෙකුත් බෝම්බද පිපිරිය හැක.
නිසැකවම දේශහිතෛෂී, දේශප්‍රේමී ක‍්‍රියාවක් රට අස්ථාවර තරමට තම පටු අරමුණු ඉටු කරගැනීමට උත්සාහ කරන පිරිසක් සිටී. පොලිසියට ප්‍රශ්න කිරීමට ඇති තුන්වන වරටත් විවාහය කරගත් අති පිවිතුරෙක් කට උත්තරය නොදී මගහරී. ජමාත් හිතවාදි වෛද්‍යවරයකු එල්.ආර්.ටී සැත්කම් 7000 දහසක් කර එයින් 4000ක් සිංහල කාන්තාවන් බව පවසයි. මෙය සත්‍යයක් නම් එය ගිනස් වාර්තාවක් විය යුතුයි.
ඔය අර අඟහරුවාදා ඉස්කෝල ගානෙ ගිය එකේ අනිත් එක...
දාලා ගිහින් තියෙන්නේ පොල්කෝම්බ නෙවේ, ජීව බෝම්බ තාමත් ආරක්ෂාව සම්පූර්ණයෙන් තහවුරු නැහැ... පරීක්ෂා කිරීම් තව දුරටත් කලයුතුයි.
රට අස්ථාවර කරලා ජන ජීවිතය අඩාල කරලා ඒකෙන් දේශපාලන වාසි ලබාගන්න බලන කාලකණ්ණි ටිකක් ඉන්නවා. උන් ත්රස්තවාදීන්ට වඩා දරුණුයි.
මෙහි නියම කාරණය හෙලිකරන්න ඕනේ.. මේක කරලා තියෙන්නේ පන්ති කාමරයේ සුවිච් එක දානකොට ඒක පුපුරන විදියට අටවන්න හදලා තියෙන්නේ.. සුවිච් එකට වයර් එක අදිනකොට තමයි දැකලා තියෙන්නේ. අනෙක අත්බෝම්බවල කොක්කට නූලක් ගැට ගහලා ළමයි ඇවිදිනකොට කකුල පෙරලිලා කොක්ක ගැලවෙන විදියට අටවන්න පුළුවන්. මේක සැහැල්ලුවට අරන් කගේ හරි පිටදාන්න එපා. නිවැරදි පරීක්ෂණයක් කරන්න. ජීවඋණ්ඩ ගෙනාවා නම් ඒවා භාවිතා කරන්න අායුධත් තියෙන්න ඕනේ...