(නිමන්ති රණසිංහ)
පාස්කු දා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයකුට අයත් රන් බඩු සොරා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුළු සේවකයා ලබන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය.
ඉකුත් 21 වැනි දා කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සුබ්‍රමනියම් කිස්ටෝපර් නැමැත්තාගේ රන්මාලය පොලිස් මෘතශරීරාගාරයේ දී අතුරුදන් වූ බවට කළ පැමිණිල්ලකට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුයේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුළු සේවකයකු වන මිනුවන්ගොඩ කේ ජී ප්‍රගීත් සමින්ද පෙරේරා නැමැත්තෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් පාදඩයින්ට උපරිම දඬුවම් ලැබේවා !!! කාලකන්නි තිරිසනුන්ට සාපවේවා!!
සුනාමි සමයේදීත් මෙවැනි සොරකම් සිදුවුණා. සමහර මිනිසුන්ගේ මේ තුච්ච ගතිය කවදා නැතිවෙයිද..?