
(ඩයනා උදයන්ගනී, ඉන්දිකා රාමනායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පාස්කු ඉරිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාරයට දෙවසරක් ගතවෙන අද දින දිවයිනේ සෑම දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයන් පැවැත්විණි.
ආගම් බේදයකින් තොරව පැවැති මෙම දේව මෙහෙයට භික්ෂූන් වහන්සේ මෙන්ම වෙනත් ආගම්වල නායකයෝද එක් වූහ.
මෙම දේව මෙහෙයන් පැවැති සෑම දේවස්ථානයක් අසලම පොලිසිය සහ ත්‍රිවිද හමුදාව එක්ව විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබුණි.
දේවස්ථානවලට ඇතුළුවන සියලු දෙනා දැඩි පරීක්ෂාවට කරනු දක්නට ලැබිණි.



කෑගල්ල ශාන්ත මරියා දේවස්ථානය ආ භික්ෂූන් වහන්සේලා පහන් දල්වා මියගිය පිරිසට පින් අනුමෝදන් කළ අයුරු (ඡායාරූප මොරොන්තොට එන්.ආරච්චි)


කටුවාපිටිය දේවස්ථාන අසල ආරක්ෂාක තර කර තිබූ අයුරු (ඡායාරූප පුෂ්පකුමාර මල්ලවාරච්චි)






කටුවාපිටිය දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගි වූ පිරිස (ඡායාරූප පුෂ්පකුමාර මල්ලවාරච්චි)




පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයවෙනුවෙන් සාධාරණය ඉල්ලා නුවරඑළිය මීෂමට අයත් කතෝලික බැතිමතුන් 21 පස්වරුවේ විශේෂ දේවමෙහෙයක් පැවැත්වීම (ශෙල්ටන් හෙට්ටිආරච්චි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීම.. අවුලක් නෑ අපේ රටේ එදා ඉදන්ම වුණේ ඕකම නේ.
අශ්වයා පැනලා ගියාට පස්සේ ස්ථාලය වහනවා වගේ තමයි දැන් මොකටද ආරක්ෂාවක්
ජාතියක් විදියට අපිට සමා වෙන්න. සියලුම ඇමැතිවරු, හිටපු අගමැති සහ හිටපු ජනාධිපති මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙන්න.
නිවට "ඌරන්ගේ" ම්ලේච්ච ක්‍රියාවෙන් මියගිය අපේම සහෝදර ජනතාවට සාධාරණයක් ඉෂ්ට වේවා......
අද දවස ශ්‍රී ලංකා ඉතිහාසයේ කනගාටුදායකම දවස බවට පත්වීම ඉතාමත් සංවේදී කරුණක්. අපි ඔබ සියලුදෙනාම සමඟ කනගාටු වෙනවා. ඉස්සර ඉදලා හිටලා පල්ලි ගිය බෞද්ධ අපි දැන් නිතරම පල්ලි යනවා මොන විදියකට වුණත් අවස්ථාවාදීන් සමාජයෙන් තුරන් කරමු....
අපිත් ඔබ සැම එක්ක ඔවුන්ව සිහිකරනවා.නීතියෙන් දඩුවම් නොලැබුණත් , වසන් වෙලා හිටියත් ස්වභාවධර්මයෙන් හෝ වැරදි කරුවන්ට නිසි දඩුවම් ලැබේවා !