පාස්කු ඉරිදා මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාර එල්ල කළ පිරිස හා සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන පුද්ගලයකු මියන්මාර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි එරට පුවත් සේවා වාර්තා කර තිබිණි. 

අබ්දුල් සලාම් ඉර්ෂාද් මහ්මූද් නමැති 39 හැවිරිදි මෙම පුද්ගලයා යැංගොංහිදී අත්අඩංගුවට ගත් බව එම වාර්තාවල දැක්විණි. 

ඉර්ෂාද් මහ්මූද් නමැති එම පුද්ගලයා සංචාරක වීසා මත මියන්මාරයේ රැඳී සිට අතර අතර වීසා අවසන් වී වසරකුත් තවත් මාස දෙකක් අනවසරයෙන් එරට රැඳී සිට ඇතැයි ද මියන්මාර එරට රජයේ ආරංචි මාර්ගවලින් කියැවිණි. 

055