(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
තවත් නිවාස 11 ක ඉදිකිරීම් අරඹා ඇතැයි ද අමාත්‍යවරයා කීය.නිවාස 223 ක් ඉදි කිරීම සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 139 කි.
මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිම පවුල් සංඛ්‍යාවකට නිවාස ලබා දී ඇත්තේ ගම්පහ කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතවයි. කටුවාපිටිය දේවස්ථානය ආශ්‍රිතව පවුල් 144 කට නිවාස ඉදිකිරීම සඳහා පමණක් රුපියල් මිලියන 90.855 ක් වැය කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
කොච්චිකඩේ දේවස්ථානය ආශ්‍රිතව පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් පවුල් 9 කට නිවාස ඉදිකර දී ඇති අතර මඩකළපුව දිස්ත්‍රික්කයේ පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල් 70 කට නිවාස ඉදිකර දී ඇතැයි ද අමාත්‍යවරයා කීය.
ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නිවාස 11 ක් සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 5 කට අධිකය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ප්‍රහාරයෙන් මිය ගියේ ගෙවල් දොරවල් නැති හිඟන්නෝ නොවෙයි... මළ මිනී මතින් කරන මේ තක්කඩි දේශපාලනය තරයේ හෙළා දැකිය යුතුයි... මැරුණු අයගේ කිසිවෙකුගේ නිවාසයකට හානි සිදුවුයේ නැත්නම් මොකටද නිවාස දෙන්නේ... ප්‍රහාරයෙන් සදාකාලිකව ආබාධිත වුවන්ට මාස් පතා හොඳ දීමනාවක් ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ලබා දීමයි කල යුත්තේ...තක්කඩි දේශපාලුවන් මේකත් ඔවුන්ගේ චන්ද ව්‍යාපාරයට යොදාගෙන... මුන්ට හෙන ගහනවා මේ කරන නොසන්ඩාල වැඩ වලට... ඔය ගෙවලුත් මෙවුන්ගේ හෙන්චයියන්ට තමයි ලබා දෙනවා ඇත්තේ... මහජනතාවගේ මුදල් කොල්ල කන තොපිට ශාප වේවා!!
ඇයි ගෙවල් හදලා දෙන්නේ?
ගෙවල් හදලා දුන්නට මිය ගිය අයගේ ජීවිත නැවත දෙන්න බැහැ නේද ? සදාකාලික ආබාධයන්ට ලක්වු අයට ඒ ආබාධයන්ගෙන් මුදවන්න බැහැ නේද ? ප්‍රහරයෙක් සිදුවෙන බව දැන දැන එය වළක්වන්න උත්සාහ නොකල අයයි. ප්‍රහාරය සිදු කරන්නේ සැලසුම් කළ අය උදව් උපකාර කළ අය උපදෙස් දුන් අයට දඩුවම් නොකර මේ රට අනාරක්ෂිතයි නොවෙද ? එසේ නොකර ප්‍රහරයේ වින්දිතයන්ට සාධාරණ ඉටු වේද ?
ඒ අයට ගෙවල් ඕන නෑ කවුද මේ අපරාදේ කෙරුවේ කියලා කියන්න
යන්නේ කොහෙද මල්ලේ පොල් මෙයාලාට
මොන වගේ නිවාසද මෙයාලාට හදලා දුන්නේ? ලක්ෂ 5 - 6 නිවාසද?
ඉල්ලුවේ යුක්තිය, ලැබුනේ ගෙවල්
පාස්කු වින්දිතයන්ගේ අවශ්‍යතාවය අනුව ඇතැමුන්ට අලුතින් නිවාස ඉදිකර දී ඇත.තවත් අයගේ නිවාස අලුත් වැඩියාකරදී තිබේ.ඉඩමක් පවා නොතිබුණු ඇතැම් වින්දිත පවුල්වලට ඉඩමක් මිලදීගෙන නිවසක් ඉදි කරදී ඇත.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරුණේ කතෝලික සභාවේ ඉල්ලීමකට අනුවය.
මඩකලපූවේ සියෝන් දේවස්ථානයට එල්ල වූ බොම්ප ප්‍රහාරයෙන් වැඩි හරියක් මිය ගියේ ළමයි තවත් සමහර ළමයි සදා ආබාධිතයි ඔවුන් වෙනුවෙන් මොනවද කලේ...✝