
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාස්කු ප්‍රහාරය තවදුරටත් දේශපාලන සංවිධානවල බයිට් එකක් කරන්න ඉඩ දෙන්නේ නැතැයි අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායකාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමිනි.
"මේ පාස්කු ප්‍රහාරයේ සිදු වුනේ අනුර දිසානායකගේ වරදින්ද කියා විපක්ෂයේ උදවිය කතා කරන විදිය දකිනකොට දැන් හිතෙනවා.මේක උනේ අපේ අතින්ද කියලා හිතාගන්න බැරි තත්ත්වයක් දැන් තියෙනවා.මේක වෙනකොට කැබිනට් ඇමතිලා වී සිටි උදවිය දැන් එහා පැත්තෙ ඉන්නවා.
විපක්ෂ නායකතුමා දෙන උපදෙස් ඒ කළේ සිදු නොකළේ ඇයි? කොහොම වුනත් අපි හරියට පරීක්ෂණ කරනවා. අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා මේ වන විට කැබිනට් කාර්යාලයක් පිහිටුවා තිබෙනවා.එය අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන් කර තිබුණා. යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉබ්‍රාහීම් නානා කියන්නේ කවුද කියලා අහලා නැතිව ඇති මගෙහිතේ...
පාස්කු ප්‍රහාර වෙන බව දැන දැනම නිශ්ශබ්දව සිටි සජබ තක්කඩි රැළ දැන් කිඹුල් කදුළු හෙලනවා රට රවටන්න.
මෙයාලාමනේ ඒක හොඳ රස බයිට් එකක් කරගත්තේ. පවු අරයත් හොඳටම ලණුව කෑවා. මාලිමාවේ බොරු ලොරියේ තවත් එක බොරුවක් තමයි මේ. ඩෝබිලා කලබල වියයුතු නැත.
ඊබ්‍රහිම් නානා ගැන මොකද කරන්නේ...? එයා ජේවීපී ලැයිස්තුවේ හිටියේ කොහොමද? ඒකත් හොයනවාද?
පාස්කු ප්‍රහාරය දේශපාලන බයිට් එකක් කරගෙන ඒ පිටින් කතෝලික ඡන්ද ගත්තු අයම දැන් කියනවා වෙන අයට බයිට් එකක් කරගන්න දෙන්නේ නැහැ කියලා. ඔයාලා ඒක තනියෙන්ම තියාගන කන්නද හිතන්නේ. බොරු කියනවා කියලා හිතනවා නම් හොයලා බලන්න කළුතර ආසනයේ කළමුල්ල කටුකුරුන්ද වගේ කතෝලික ඡන්ද වැඩි පැතිවලට සුදු කඩදාසියේ රතු අකුරින් ගහලා 2025 නොවැම්බර් මහා මැතිවරණයේදී බෙදූ ඡන්ද පොරොන්දු මොනවාද කියලා...
ඒක සම්පූර්ණ ඇත්ත. කතෝලික ජනතාව ඕක ඔබතුමන්ලාගේ ඩයට් එකක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ. බයිට් එක කොහොම වුණත්...