(නාලක සංජීව දහනායක)
පාස්කු ඉරුදින කොළඹ නගරය ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයකට ත්රස්තවාදීන් විසින් එල්ලකළ ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව හා රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බලා වාර්තාවක් සකස් කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්ෂනායක නිලනිවසේදී හිටපු ආරක්ෂක ප්‍රධානීන් විසින් අද (02) විපක්ෂනාය මහින්ද රාජපක්ෂ මහතාට බාරදෙනු ලැබීය.
හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසුන්දර, හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන්ත ගුණතිලක හා හිටපු නාවුක හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහත්වරුන් එම වාර්තාව විපක්ෂනායකවරයාට බාරදුන් අයුරු ඡායාරූපයේ දැක්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා, ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඡායාරූපයේ සිටිති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දුන්නද මන්දා. ඕකේ වචනයක් වචනයක් ගානේ පෙන්න පෙන්න දැන් ඡන්ද ව්‍යාපාරය පටන් ගනී. ඒ වගේ වැඩවලට මේ අය අති දක්ෂයෝනේ.
අමුතුවෙන් වාර්තා ඕන නැහැනේ. ඔබතුමාලා ඕක වෙන්න ඉස්සෙල්ල දන්නවනේ. ඔබතුමාලා රටට ඕක නොකීවේ ඇයි කියල අපිට වාර්තාවක් ප්‍රසිද්ද කලානම් හොදයි නේද.
හොද දෙයක්. අත්දැකීම් බහුල වැඩක් කර පෙන්නන්න මොවුන්ගේ සේවය ගැනීම ඉතාම හොදයි. ෆොන්සේකාවත් ඔය පැත්තට ගන්න රට ගැන හිතලා
ඒකත් අතින් අතට යන මල් වට්ටියක් වගෙ. උත්සව තියලා ෆොටෝ ගහලා... අන්තිමට වෙන දෙයක් නෑ...මෙහෙම එකිනෙකා අතර බෙදා හරිනවා විතරද දැන්?
මිට වඩා විහිළු කාරයෝ තවත් නැහැ. කිසිම බුද්ධි අංශයකට සම්බන්ධ නැති. තොරතුරු ලබාගැනීමේ නියම ක්‍රමවේදයක් නැති මේගොල්ලෝ කොහොම මොන වාර්තා හදන්නද. විශ්‍රාම ගිය පසු රාජ්‍ය බුද්ධි අංශ වලින් තොරතුරු ගැනීමේ හැකියාවක් මොවුන්ට ඇත්ද එසේ ඇත්නම් බුද්ධි අංශ මොනතරම් කඩාවැටීමකට ලක් වෙලාද.
තමුන් කරන බිස්නස් වල ආදායම් විස්තරත් ඇතුලත් කලාද දන්නේ නෑ
අපිට විහිලු සපයන්නේ නැතිව ඉන්න මහත්තයෝ.....
කලකට ඉහත අපි මහින්ද මහත්තයට ගොඩක් ගරුකළා , එත් දැන්........අනේ මෙහෙමත් රටකට ගිය කලක් .
මේ රටේ ඉන්නේ මොනතරම් කුහක මිනිස්සුද?? මේ තමයි විපක්ෂයේ රාජකාරිය .. නැතුව එදා කලා වගේ අලිමංකඩ පාමංකඩ, තොප්පිගල කැලෑවක් කිය කිය ආරක්ෂක අංශවලට අපහාස කලානම් ඒක වෙන්න ඇති බලාපොරොත්තුව .හොඳ දේට හොඳයි කියන්න කොන්දක් නැහැ පාට කණ්ණාඩි නිසා
මේ ඔක්කොම හිටපු අයනේ. විමල් වීරවංශත් ඉන්නවනේ. මෙයාගෙත් පාස්පෝර්ට් දෙකක් ද කොහෙද තිබුණනේ. මේ දවස් වල විහිළු වැඩ කරලා පාර්ලිමේන්තුවේ කෑ ගසන්නේ නැතිව අගරද ගුරු වහන්සේට කන්දීලා ආරක්ෂක අංශ කරන මෙහෙය යුම් වලට ඉඩදීලා . කයිවාරු කියවන්නේ නැතිව හිටියොත් හොඳයි...
පීරිස් උන්නැහේ ෆයිල් එකක් අතේ තියන් ඉන්නේ කොමිසමක් පත් කරන්නද මන්දා....
ඇයි අනේ මෙච්චර ඉක්මනට භාර දුන්නේ. අඩුමගානේ සති දෙකකවත් ඉඳල දෙන්න එපැයි...... දැන් මිනිස්සු හිතයි බෝම්බ පිපුරන්නට කලින් ප්ලෑන් කරලා හදපු එකක් කියල.
විශ්‍රමික හමුදා ප්‍රධානින්ගේ වාර්තාව විශ්‍රාමික ජනපතිට, මේ අයට තිබුණේ එහෙම වාර්තාවක් හදලා ආණ්ඩුවට භාර දෙන්න. මේකෙන්ම පේනවා දේශපාලන මගිඩියක් කියා..මේ අයට යුතුකම්ක් තියනවා රජයට භාර දෙන්න..එහෙම වාර්තාවක් හදලා.. තමන්ගේ පහළ නිලධාරින්ට ආදර්ශයක් වන්න..මේ අයත් දේශපාලන බත් බැලයෝ වෙලා
තනිකර බොරුවක් මේ දෙපැත්තෙන්ම කරන්නේ. හැමෝම මේ ප්‍රහාරය ගැන දැනගෙන එයාලගේ පවුල් එදා පල්ලි යවන්නේ නැතුව දැන් උනාට පස්සේ වාර්ථා කැඳවනවා. මිනිස්සු ගොනාට අන්දපු කාලේ ඉවරයි මහත්තයෝ
මේ පිළිතුරු දැක්කහම හිතන්නේ අපේ අමන මිනිස්සු කොයිතරම් කුහකද , කොයිතරම් පක්ෂ බදාගෙන ඉන්නවද කියලා. ඔය වාර්තාව හදලා තියන්නෙ රටේ හිටපු පළපුරුදුම , විශ්වාස කළ හැකිම නිළධාරීන් නේද. ඔවුන් මහා ව්‍යසනයක් ඉවර කළා නේද. රටේ ආරක්ෂාව හොඳටම තහවුරු කළා නේද ? දැන් පාලකයො කරන්නේ තුඹස ඇතුළේ නයා තියාගෙන වටේ උදුලුගාන එක නේද ? ගැමුණු රජතුමාටත් බණින කුහක කම.
මෙතන සිටින ඇතැම් අය නිවැරදි අදහස් වලට dislike දැම්මද ඇත්ත වසන් කළ නොහැකිය. එය කෙදිනක හෝ ජය ගනු ඇත
මහින්දට දෙන්නේ එයා ආරක්ෂක අැමැතිද නැතිනම් වග කීම මහින්ද බාරගෙනද? මහින්ද අනුන්ගේ ආණ්ඩුවේ බඩු කිරන්න ඕනේ නෑ. රනිල්ට කරන්න බැරිනම් පුළුවන් කෙනක්ට දීලා අයින් වෙන්න ඕනෑ.
එයා හිතන්නේ අගමැතිකම දෙයි කියලා. අරයා හිතන්නේ පොහොට්ටුවෙන් ජනපතිකමට ඉල්ලන්න දෙයි කියලයි.
විපක්ෂය කියන්නේ.. නයා මැරිච්ච අහිකුණ්ටිකයන් වගේ ජාතියක්.. ඔවුන්ට ඕන්නැති දෙයක් නැහැ..!