(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයට සිවු මහල් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා වැය කෙරුණු ලක්ෂ තිස් අටක පමණ මුදලක් මෙම ව්‍යාපෘතිය අතරමඟ නතරවීම හේතුවෙන් නාස්තිවී ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය අතරමඟ නතරවී ඇතැයි පැවසෙන්නේ ප්‍රතිපාදන සොයා ගැනීමට නොහැකිවීම නිසාය.
ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ලංසු කැඳවීමට පෙර කළ යුතු විවිධ කටයුතු වෙනුවෙන් එම මුදල වැය කර තිබූ බව වාර්තාවේ දැක්වේ.
මේ අතර කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය ට සපයා තිබූ සේවාවන් වෙනුවෙන් ලැබිය යුතු ලක්ෂ 43 ක මුදලක් 2021 වසරේ නොවැම්බර් මස වන විටද අය කරගෙන නොතිබූ බව
ජාතික විගණන කාර්යාලය පවසයි.
තවද ණයගැතියන් 77 දෙනකුගෙන් රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලක් අය කර ගැනීමට ( 2020 වසර වනවිට)ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන තිබූ බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ අලුත්ම වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පේෂකර්ම ගොඩනැගිල්ලකින් ලක්ෂ 38ක් වතුරේ