(සිතුම් චතුරංග)

යාපනය, කයිට්ස් මණ්ඩතිව් හි පොලිස් මුරපොලෙ රාජකාරියෙ  නිරත පොලිස් නිලධාරීන් ඉලක්කකොට  භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ලක‍ළ දෙදෙනකු අත්අඩංගුවටගත් බව කයිට්ස් පොලිසිය කියයි.

යතුරු පැදිවලින් පැමිණි හයදෙනකුගෙන් යුතු කණ්ඩායමක් එලෙස භූමිතෙල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකොට අ‍ැති බව පොලිසිය පැවසීය

භූමිතෙල් පිරවූ කාල ප්‍රමාණයෙ බෝතල් වලට තිරයක් දමා සකස්කළ භූමිතෙල් බෝම්බ කිහිපයක් ගිනි අවුලවා  නිලධාරීන් ඉලක්කකර පොලිස් මුරපොලට විසිකර අ‍ැති බව පොලිසිය පැවසීය.

එහිදී එක් බෝතලයක් පොලිස් මුරපොළ භූමියට වැටී ගිනිගෙන අ‍ැති අතර අනෙක් බෝතල් සියල්ල මාර්ගයේ තැන්තැන්වලට වැටී අ‍ැතැයිද කීය.