( පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල විල්බාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලීමට කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ගිය අවස්ථාවේදී පලා ගිය පුද්ගලයෙකු කඳු බෑවුමකින් ඇද වැටී මරණයට පත්ව ඇති බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.
මියගොස් සිටින පුද්ගලයා කුරුණෑගල වැහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
විල්බාව කොටකන්ද වත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා නීති විරෝධී මත්පැන් මිලි ලීටර් 22500 ක් සමඟ වැහැර අඹගගස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේදී සැකකරු සමග සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයෙන් පලාගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd