
(රෝෂන් තුෂාර)
කෙසෙල්වත්ත රාජ්‍ය බැංකුවක් අසලදී පුද්ගලයකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 16 මුදලක් කොල්ලකන ලදැයි කියන වැලිකඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව්දෙනා පැය 48ක් පොලිස්සියේ රදවා ප්‍රශ්න කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) නියෝග කළාය.
කෙසෙල්වත්ත පොලිසියට පසුගිය 10 වෙනි දින ලද පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වත්තල පදිංචි සෙලම්බරනි ශිවා, සෙබස්තියන් කනගරාජා, අනුරාධපුර දියබදුව පදිංචි පොලිස් කොස්තාපල් ඩී. කසුන් සහ කුරුවිට පදිංචි පොලිස් කොස්තාපල් රිශාන් උදිත කුමාර යන සැකකරුවන් ය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීන් සඳහන් කර සිටියේ පසුගිය 25 වැනි දින සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd