(ඉන්දිකා රාමනායක)
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පැය පහකට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක දීමෙන් පසු මීට සුළු වේලාවකට පෙර පිටව ගියේය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමකට අනුව පොලිස්පතිවරයා අතර පස්වරු 2.30 ට පෙනී සිට ඇති අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 7.30 දක්වා සිදුකර ඇත.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිටි විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි සහ විශේෂ කාර්යාංශය බාර පොලිස්පති තිලක් චමින්ද ධනපාල යන මහත්වරු ද පැය හතකට අසන්න කාලයක් ප්‍රකාශ ලබා ලබාදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් ඇමති වෙලා හිටපු කෙනා තමයි අරගලයට පහර දීමට වගකියන්න ඕනේ...!