IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පොලිස්පති පත්නොකිරීම ඛේදජනක තත්ත්වයක්

(යොහාන් භාසුර)

පොලිස්පතිවරයා විශ්‍රාම යන විට නව පොලිස්පතිවරයෙක් පත්කිරීමට නොහැකි වීම ඛේදජනක තත්ත්වයක් බවත් වැඩබලන පොලිස්පතිවරයා ලෙස සී.ඩි. වික්‍රමරත්න මහතාට සේවා දිගු දීම විකෘතියක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (10) පැවසීය.

පොලිස්පතිවරයා පත් කිරීම සඳහා රජය තුළ ඇති කඹ ඇදීම හේතුවෙන් ජාතික ආරක්ෂාවට ද  තර්ජනයක් එල්ල වී ඇති බව කී මහාචාර්යවරයා නව පොලිස්පතිවරයෙක් හැකි ඉක්මණින් පත්කිරීමට මැදිහත්වීම ව්‍යවස්ථා කවුන්සිලයට වගකීමක් ඇති බව ද සඳහන් කළේය.

මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ සහ මත්ද්‍රව්‍ය වැනි නීති විරෝධී ක්‍රියා වර්තමානය වන විට රටතුළ වර්ධනය වී ඇති බවත් එය මැඩ පැවැත්වීමට නම් කාර්යක්ෂම පොලිස් සේවාවක් අවශ්‍ය බවත් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා කීය.

ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී යෝජනාව සම්මත වුවහොත් අගමැතිවරයා විෂය භාර ඇමතිවරයා වශයෙන් සර්වබලධාරී වන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහා පැවසුවේ ඔහුගේ කැමැත්ත ඇති තාක්කල් පළාත් පාලන නියෝජිතයින්ට රැඳී සිටීමට හැකි වන බවත්ය. 



අදහස් (3)

පොලිස්පති පත්නොකිරීම ඛේදජනක තත්ත්වයක්

Bunny Preena Monday, 10 July 2023 04:38 PM

ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණය මහාම මහා ඛේදවාචකයකි...

:       0       6

swene Tuesday, 11 July 2023 06:02 AM

අදුෂිත කාර්යක්ෂම කෙනෙක් ජ්‍යෙෂ්ටයින් අතරින් සොයා ගන්නට නොහැකි තත්ත්වයට පොලිසිය පත්වෙලා නම් රටේ නිතිය හා සාමය ගැන කුමන කතාද ? සිවිල් පරිපාලනයට අයත්වන නිසා, නීතිය ගැන අවබෝධයක් සහිත එවැන්නෙක් සාමාන්‍ය පරිපාලන සේවාවෙන් හෝ සොයා ගන්න බැරිද ? මිට පෙරත් එවැනි අය පොලිස් පති හැටියට වැඩ කර තිබෙනවා

:       0       0

Jayalath Wednesday, 12 July 2023 04:21 AM

මේවගේ අය පාර්ලිමේන්තු යවපු එක ඊට වැඩිය ඛේදජනකයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site