(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොලිස්පතිවරයා පත් කරගන්න බැරි තරමට ආණ්ඩුව දුර්වල වී ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී අද (18)පැවසීය.
ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයා පිළිගන්නේ නැති තැනකට පත්ව ඇතැයි කී ඉඳුනිල් මහතා මේ වන විට ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර මත ගැටුමක් ඇති වී තිබෙන බව සඳහන් කළේය.
ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිත් පොලිසිය බාර ඇමතිවරයාත් රටේ නැති අවස්ථාවක පොලිස්පතිත් නැති වූ විට රටේ ආරක්ෂාව ගැන වග කියන්නේ කවුදැයි තුෂාර ඉඳුනිල් මහතා ප්‍රශ්න කළේය.
මෙහිදී ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසූයේ පොලිස්පතිවරයා පත් කිරීමේ බලය තිබෙන්නේ රටේ ජනාධිපතිවරයාට වන අතර මේ වන විට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද පොලිස්පතිවරයෙක් ලංකාවේ සිටින බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට වහගෙන ඉඳගන්න...!
දැනට නම්වෙලා ඉන්න දුෂිත SDIG ලා දෙන්නට වඩා හොඳයිනේ ,ඉන්න කෙනාව තවදුරටත් තියාගන්න එක.නැතිනම් අර පෙරහැරවල් නැතුව පොලිපති වැඩ කළා වගේ මේ දෙන්නත් කරාවි