
(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.
පොලිස්පතිවරයා පත් කළ ආකාරය ව්‍යවස්ථා විරෝධී බවද ඔහු එහිදී සඳහන් කර ඇත.
මෙහිදී කරුණු දක්වා ඇති කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමා නිවැරදි තීරණය ගෙන ඇති හෙයින් මේ ගැටලුව තමාට හෝ ජනාධිපතිවරයාට හෝ විසඳිය හැකි එකක් නොවන බවයි.
මේ ගැටලුව විසඳිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයම බවද ඔහු එහිදී සඳහන් කර ඇත.
අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගැන එහිදී දීර්ඝව කරුණු දක්වා ඇතැයි දැනගන්නට ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (26) පස්වරුවේ රැස්විය.
මෙම රැස්වීම පැවැත්වී ඇත්තේ පැයකට ආසන්න කාලයක් පමණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වැදගත් සාකච්ඡා වලට අනුර නෑ නේ එයා විදේශ සවාරි වල නේ.
විපක්ෂ නායකයට දැන් තමා මතක් වෙලා තියෙන්නෙ.
සරම උස්සගෙන කෑ ගහන්නේ නැතුව වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන්න.