(මනෝප‍්‍රිය ගුණසේකර)
සාමකාමී අරගලකරුවන් රැදීසිටි බව කියන ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වැළැක්වීමට අවශ්‍ය පියවර නොගැනීීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අභියාචනාධිකරණය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න මහතාට අද නියම කළේය.
2022 මැයි 09 වැනිදා ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා වළක්වා ගැනීමට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිසිය වගකිව යුතු බවට මානව හිමිකම් කොමිසමද නිර්දේශ කොට ඇතැයි කියමින් ක‍්‍රියාකාරී අරගලකරුවකු ගොනුකර තිබූ රිට් පෙත්සමක් සළකා බැලීමෙන අනතුරුව එලෙස නියම කරමින් අභියාචනාධිකරණය එලෙස නොතිසි නිිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු එලෙස නොතිසි නිිකුත් කළේය.
ක‍්‍රියාකාරී අරගලකරුවකු වන ජනක් එස්. විතාරණ මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් පොලස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතවරයා සහ නීතිපතවරයා, ඇතුළු පිරිසක් නම් කොට ඇත.
2022 මැයි 09 වැනිදා ‘ගෝඨාගෝගම’ අරගල භූමියේ ක‍්‍රියාකාරී අරගලකරුවකු වශයෙන් කටයුතු කළැයයි කියන පෙත්සම්කරු සංවිධානාත්මක පිරිසක් පැමිණ අරගල භූමියට පහරදී ප‍්‍රචණ්ඩකාරී ක‍්‍රියා කළත් පොලිසිය එය වළක්වා ගැනීමට නිසි පියවර නොගත් බව පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කොට ඇත.
පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරු මඩුල්ල රිට් පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රූකඩය වගේම රූකඩය නටවපු අයවත් ගෙන්නන්න ඕනෑ.
අරගල කරුවන්ගේ කිසිම සාමකාමී බවක් අපි දැක්කේ නැහැ. පොලිසියට ගහන්න බැරි නිසා 1983 ආදර්ශයට ගෙන මිනිස්සු ලවා ගැස්සුවා...