IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


පොලිස් සැරයන්ට මන්නා පහරක්: සැකකරු අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ දයාරත්න ඇඹෝගම)

නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව ධාවනය කළ යතුරුපැදියක් පොලිසිය භාරයට ගැනීමට යාමේදී එහි සිටි පොලිස් සැරයන්වරයකුට මන්නා පිහියකින් පහරදුන් බව කියන සැකකරුවකු ඊයේ (12) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන අත්තේ අනුරාධපුර හිදෝගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.

අනුරාධපුර පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරුන් දෙදෙනකු අනුරාධපුර සිත්තම්පලම් හන්දිය අසල රථවාහන රාජකාරියේ යෙදි සිටියදී මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් නැවැත්වීමට සංඥා කර තිබූ අතර එම සැකකරු යතුරුපැදිය නොනවත්වා ධානය කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුරුව යතුරපැදියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් යතුරුපැදිය නැවැතී ඇති අතර එහිදී නිලධාරීන් විසින් සැකකරුගෙන් යතුරුපැදියට අදාල බලපත්‍ර ඉල්ලා ඇත. පසුව ඒ සම්බන්ධයෙන් කිසිදු ලියවිල්ලක් සැකකරු සන්තකයේ තිබී නොමැති අතර එහිදී පොලිස් නිලධාරීන් යතුරුපැදිය පොලිස් භාරයට ගැනීමට යාමේදී සැකකරු එකවරම ඔහුගේ බෑගයේ තිබී මන්නා පිහියක් ගෙන පොලිස් සැරයන්වරයකුට පහරදී ඇති බව පොලිසිය කියයි.

එහිදී පහර කෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ දකුණු අත තුවාල වී ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

පොලිස් සැරයන්ට මන්නා පහරක්: සැකකරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 263 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site