
(සුජිත් හේවාජුලිගේ )
පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීම ඇතුළු පොලීසියේ රාජකාරි සඳහා සුනඛ පැටවුන් ලබා ගැනීමේ අරමණින් උසස් වර්ගයේ බල්ලන් සහ බැල්ලියන් 25 දෙනෙකු විදේශයෙන් මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.
මෙම එක් සුනඛයෙකු ලක්ෂ දහයක් පමණ වේ යැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.
පොලිස් නිල සුනඛ අංශයෙන් කෙරුණු ඉල්ලීමක් අනුව පොලිස් සැපයුම් සේවා කොට්ඨාසය මෙම සුනඛයන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යයි.
ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට පොලිස් දෙපාර්තමේන්තුවට නිල සුනඛයන් සහ අශ්වයන් 2019 වර්ෂයෙන් පසු මිලදී ගෙන නොමැත .
මෙම බල්ලන් සහ බැල්ලියන් මාර්ගයෙන් පැටවුන් ලබාගෙන ඒ සතුන් පොලීසියේ විවිධ රාජකාරි සඳහා පුහුණු කිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ අත්‍යාවශ්‍ය දෙයක් නම් නෙමෙයි....
ඒක හොඳයි..
පොදු ඡනතාවට අඩුවට තිබුනේ ඔච්චරමයි ! දැන් ඒකත් හරි.
අපි මෙහෙ බඩගින්නේ... ඒ අය බල්ලො ගේනවා... හෙන ගහපල්ලා!
අර අරගල බිමේදී දැක්ක කට්ටිය මදිද අප්පා?
ජේප්පෝ රට පටවලා ඒ වෙනුවට බල්ලෝ ගෙන්වමු.
ලංකා පොලිසියේ ඉන්න තරමක් ඉන්නේ ඔය අය තමයි. ඒත් ඔය වැඩවලට බල්ලන් හොඳ මදි ඇති. මොකද දන්නේ කටු ලෙවකාලා බුරන්න විතරනේ....!
ඔය බෝකරන කතාව පාර්ලිමේන්තු විවාදය වගේ. හැමදාම ඒකම කියලා බල්ලන් ගෙන්වනවා. හේතුව තේරෙනවා. කොමිස්... හරි සැලසුමකින් කළා නම් උසස් තත්ත්වයක බලුපැටව් අතිරික්තයක් මේ වෙනකොට පොලිසිය සතුවිය යුතුයි...
පොලිසියට වාහන ගෙනත්, ජලතුවක්කු ගෙනත්, බල්ලොත් ගෙනත් ඉස්සරහට හොඳ සෙල්ලමක් දෙන්න වගේ යන්නේ....!
පොලිස් දෙපාර්තමේන්තුව ඉස්සරහට වැඩ අල්ලන්න වගේ හදන්නේ?
මාර කොමිස් පාරක් වදින්න ඇති..!
ඉන්න පොලිස් බල්ලෝ ට්‍රේන් කරන්න බැරිද?
පොලිසියට අලුතින් බල්ලන් මොකටද? අපි දැක්කනේ මේ ටිකේම..!