'
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ සුමිත් පොතුපිටිය)
බීමත්ව ත්‍රිරෝද රථයක් පැද වූ බව කියමින් එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඊට උරණ වී අත්අඩංගුවට ගැනීම සිදු කළ පොලිස් කොස්තාපල් වරයාට මන්නා පිහියකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම ත්‍රිරෝද රථයේ අයිතිකරු අලුබෝමුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
තුවාල ලැබූ අලුබෝමුල්ල පොලිසියේ රථවාහන අංශයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයා පානදුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසු වේ.
අලුබෝමුල්ල පොලිසියේ රථවාහන අංශයේ සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු මිරිස්වත්ත ප්‍රදේශයේ රාත්‍රියේ රථවාහන රාජකාරියේ නිරතව සිටියදී බීමතින් ත්‍රීරෝද රථයක් පැදවූ බව කියන එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොලිස් භාරයට ගත් ත්‍රිරෝද රථය පොලිස් කොස්තාපල් විසින් පොලිස් ස්ථානයට රැගෙන එමින් සිටි අතරවාරයේ මේ බව දැනගත් ත්‍රිරෝද රථයේ හිමිකරු මන්නා පිහියක්ද රැගෙන පැමිණ පොලිස් කොස්තාපල්වරයාට එයින් කොට ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් කොස්තාපල්වරයා එම මනා පිහිපාර වළක්වා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහුගේ එක් අතක ඇඟිලි දෙකකට තුවාල සිදුවී ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.
ත්‍රිරෝද රී රෝද රථයේ අයිතිකරු පළා ගිය අතර පසුව ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් නිලධාරියකුට මන්නා පහර