
(මනෝප්‍රිය ගුණසේකර)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන පොලිස් නිලධාරීන්ට හානි කරන අපරාධකරුවන්ට උසාවියෙන් කිසිඳු සමාවක් නැතැයි සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරියකු කාරයට යටකර මරා දැමීමට තැත් කළ මත් ජාවාරම්කරුවකුට වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කරමින් පැවසුවාය.
වසර 17කට පෙර දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය වැටලීමක නිරතව සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් සැරයන් වීරසිංහ බණ්ඩාර මහතා මත්ද්‍රව්‍ය තොගයක්ද සමඟ විත්තිකරු පැමිණී කාර් රථය නතර කරන ලෙස සංඥා කළ අවස්ථාවේදී ඔහු යටකර බරපතල තුවාල කිරීම සඟ මරා දැමීමට තැත් කිරීම යන චෝදනාවන්ට වරදකරු කළ විත්තිකරුවකුට එලෙෂ දඬුවම් නියම කළ විනිසුරුවරිය රුපියල් 10 000/-ක දඩයකටද විත්තිකරු යටත් කළාය.
අප රටට මහත් පිළිලයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට දිවි නොතකා කටයුතු කරන නිලධාරීන්ට මේ ආකාරයෙන් හානි කරන පුද්ගලයින් නීතීයේ ආධිපත්‍යයට බලවත් තර්ජනයක් නිසා ඔවුන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි පැමිණීල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ ජේ්‍යෂ්ඨ නීතීඥ කළණ කොතලාවල මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරිය අදාළ දඬුවම් නියම කළාය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනාවන් පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතියි තීන්දු කරමින් චෝදනාවන්ට වරදකරු කරමින් මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන දෙහිවල ප්‍රදේශයේ පදිංචි සුනිමල් කුමාර නමැත්තාටය.
2025 දෙසැම්බර් මස 04
641
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
437
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් නිලධාරියා යට කරන්න හැදූ මත් ජාවාරමා වසර 15 හිරගෙට
Ruwan Thursday, 02 October 2025 11:48 PM
ඔබතුමාට ජාතියේ ප්‍රණාමය.