(ඉන්දිකා රාමනායක, නිමල් ජයරත්න සහ මධුෂානි අබේසිංහ) 

දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානවල රථවාහන  අංශයේ තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කරන පොත්ක් හා ඇඹිලිපිටිය පොලිසියේ තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත්කර පොතක පිටු අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.

දෙහිඅත්තකණ්ඩිය පොලිසියට අයත් රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු නවමැදගම ප්‍රදේශයේදි රථවාහන රාජකාරියේ යෙදී සිටි බීමත් රියදුරකුට තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට යාමේ දී එහි පොත අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.

අප මේ පිළිබඳව දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ තාවකාලික රියදුරු බලපත් නිකුත් කරන පොතක් අතුරුදහන් වී ඇති සත්‍ය බවයි.
මේ අතර ඇඹිලිපිටිය පොලිසියේ රථවාහන රියැදුරකු බාරයේ තිබූ දඩ පත්‍රිකා පොතක පිටු අස්ථාන ගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.

එම පොතේ පිටි 700 - 750ක් අතර තිබෙන අතර එම පොතේ 26 සිට 50 දක්වා පිටු අතුරුදහන්ව ඇත.