
(ගයාන් සූරියආරච්චි)
පොලිස් නිලධාරීන් පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් සහ සේවයෙන් පහ කිරීම් පිළිබද බලය ජාතික පොලිස් කොමිෂන් සභාවට පවතින බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.
ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිසියේ අභ්‍යන්තර පාලනයට යොමුවී ඇති බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඉකුත් පෙබරවාරි මස මාධ්‍ය හමුවකදී පැවැසීම ජාතික පොලිස් කොමිෂන් සභාවේ දැඩි අවධානයට ලක්වූ බවද එම කොමිෂන් සභාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් කොමිසම තියෙද්දී ඕකේ ඉන්න අයව මාරු කරන්න පියවර ගන්න.
ශ්‍රී ලංකාවේ ජාතික පොලිස් කොමිසමට පොලිස් සේවාවේ ස්වාධීනතාවය සහ යුක්තිය තහවුරු කිරීමේ වගකීම් ඇති අතර, පොලිස් නිලධාරීන්ගේ පත්කිරීම්, උසස්වීම්, වරප්‍රසාද සහ විනය පාලනය කිරීමද එහි ප්‍රධාන කාර්යයන් වෙයි. නමුත් දැන් ඒ අය කරන්නේ වෙන දෙයක්… ඒ නිසා ඕකෙ ඉන්න කීපදෙනෙක් ගෙදර යවන්න.
පොලිස් කොමිසමේ ඉන්න අයට ආත්ම ගරුත්වයක් තියෙනවා නම් ඉල්ලා අස්වෙනවා. හේතුව ඒ අයව පත්කෙරුව අයව ඉවත ලූ මොකක්ද වගේ ජනතාව ප්‍රතික්ෂේප කරල තියෙන නිසා. සමහර අයගේ හිතෛෂීකම්, ලබැඳියාවන් බලද්දී ඒ අය ස්වාධීනයි කියලා පොදු ජනතාවට පිළිගන්න ඛැහැ. ඒක නිසා ඇණයක් වෙන්නැතුව ගියානම් හොඳයි. පහුගිය කාලෙ දුන්න සමහර තීරණ නිසා දූෂිත නිලධාරීන්ව ආරක්ෂා වුණා කියලත් පාට කණ්නාඩි ගලවලා බලන හැමෝටම පේනවා...
මමත් ගියා දවසක් පොලිස් කොමිසමට. පැමිණිල්ල කලේ මම. මම කීවා මගේ උස අඩි 5 යි අගල් 4 යි කියලා. නමුත් මට කරපු අසාධාරණකම් වලට මම වගකිවයුතු තැන් වලට එනම් ජනාධිපති අගමැති කාර්යාල වලට සහ තව තවත් අවශ්‍ය තැන්වලට ලියපු ලිපි ගොනු වල උස අඩි 6 කට වඩා වැඩි බව කීවා. පොලිස් ඔම්බුඩ්ස්මනුත් ඇවිත් හිටියා. අන්තිමට පැය ගානක් මාව රස්තියාදු කරල එදා පොලිසියේ කට්ටියට උසාවි යන්න වෙලා තියලා වැඩේ කොහොම හරි යට ගැහුවා. මම වගකීමෙන් කියන්නේ. මම ඒ බව එදාම පොලිස් කොමිසමේ ලොක්කට ලිඛිතවත් දැනුම් දුන්නා. පස්සෙ මට කොමිසමේ ලොක්ක ටෙලිපොන් කරලා ඇහුවා මොකටද මේවා ලියලා එවන්නේ කියලා. මම කිව්වා මට කරන්න පුළුවන් ඒ ටික විතරයි කියලා. මම ඒක නිසා අද දවසේ වෙව්චි ටික ලියලා එව්වා කියලා. මට කලේ ලොකු අසාධාරණයක්. මම මේවා ගැන කථා කලේ දැනට අවුරුදු හත අටකට ඉහතදී. දකුණු පළාතේ හැම රාජ්‍ය ආයතනයකම අදත් ඒ දූෂණ සියල්ල ඒ විදියටම කරනවා.
රජයේ සේවයේ පත්කිරීම් උසස්කිරීම ස්ථානමාරු කිරීම් හා විනයානුකූලව කටයුතු කිරීම රාජ්‍යසේවා කොමිසමට තියෙනවා වගේ බලතල පොලිස් කොමිසමටත් තියෙනවා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා. බොහෝවිට පොලිස්පතිවරු කොමිසමේ අයට කෙනෙහිලිකම් කරනවා කියලා අහන්න ලැබිලා තියෙනවා. රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අභිබවා යන්න කිසිම කෙනෙකුට හැකියාවක් නැහැ කියලා හිතෙනවා..
මාලිමාවට කඩේ ගිය පුස්සෝ ටිකක් දැම්ම නම් හරි නේ. ඔය අනිත් තැන්වලට දැම්මා වගේ.
අපි දැන් කවුරු කියන එකද විශ්වාස කරන්න ඕනෑ?