
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පොලිස් කොමිසම, ජනාධිපති සහ පොලිස් පති අතර ප්‍රශ්නයක් පැන නැගී තිබෙන බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ තත්ත්වය යටතේ මේ රටේ ස්වාධීනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කුමන කතාදැයි මන්ත්‍රීවරයා විමසීය.
'ආණ්ඩුව බලයට පත්වුණේ හොරකම වංචාව දූෂණය පිටු දැක හොරුන්ට දඬුවම් දෙන්න. සොරකම් කරපු දේපොළ ,මුදල් නැවත ලබා ගන්නා බවට වේදිකා වල පොරොන්දු ලබා දුන්නා.
සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන පනත ගෙන එන්නට අපට එදා හැකිවුණා.රජයේ ආයු කාලයෙන් සියයට දහයක් දැන් ගෙවිලා ඉවරයි.අඩු ගණනේ ඒ පනතවත් බලාත්මක කරන්න බැරි වුණා.හොරකම් කළ අය අල්ලන්න. අප හැකි සියලු සහයක්ම ලබා දෙනවා.
තාජුඩීන් ඝාතන පරීක්ෂණ නොමඟ යැවූ නිලධාරියෙක් මහජන ආරක්ෂක ඇමතිගේ උපදේශකයෙක් විදියට පත් කරගෙන තිබෙන බව මට ආරංචියි. ඉතින් කොහොමද මේ පරීක්ෂණ ගැන සාධාරණයක් බලාපොරොත්තු වෙන්නේ යැයි මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර හාල් මුදලාලියි, පුතාණෝයි අතර ප්‍රශ්නයක් නැද්ද?
අපොයි ඔව් මෙයා දන්න දේ..
ආයතන අතර ප්‍රශ්න තියෙනවා. ඒවා විසඳන්න තමයි රජයක් තියෙන්නේසජිත් සහ ෆොන්සේකා අතර ප්‍රශ්නයට මොකද වෙලා තියෙන්නේ..? අර ගත්තු කෝටි 50 දුන්නද?
හරීන්, මනුෂ, ෆොන්සේකා, රාජිත, තලතා, දමිතා, හාල් මුදලාලි පුතාණෝ එක්ක ප්‍රශ්ණ ගත්තේ කොහොමද?
මා කිසිදු දේශපාලන පක්ෂයකට සහයෝගය දක්වන්නෙත් නොවේ. මගේ පක්ෂය රට දැය සහ සමයයි. මේ ආණ්ඩුව අසාමාන්‍ය ලෙස මාලිමාකරණය කරමින් සිටින වගක් දැනේ. එය ඔවුනට හුරු අන්තවාදී දේශපාලන මතවාදයයි.
රම්බොඩ, ඒ වගේම අන්ධානුකරණය වුණු ඩෝබිලා සැට් එකකුත් ඉන්නවා.