
( රොමේෂ් මධූෂංක)
යපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වු ටිපර් රථයකට පොලීසිය විසින් සිදුකරන ලද වෙඩිතැබීමකදී එක් අයෙකු තුවාල ලබා ඇතැයි පේදුරුතුඩුව පොලීසිය පැවසීය.
පේදුරුතුඩු පොලිස් නිලධාරීන් පිරිසකට කේරල ගංජා වැලි ටිපරයක ප්‍රවාහනය කරන බවට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිළධාරීන් පිරිසක් විසින් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ විශේෂ සෝදිසි මුරකාවල් යොදනු ලැබීය.
එහිදී සැකසහිත ටිපර් රථයක් නැවත්වීමට සිදුකරන ලද නියෝගයකදී වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථයේ රියදුරු විසින් පොලිස් අණ නොතකා ධාවනය කළ බවට පොලීසිය පැවසීය.
පසුව මුරකාව් යොදා සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාල ටිපර් රථය පසුපස ලුහුබැඳ ගොස් නැවත්වීමට අණ කරද අණ නොතකා ධාවනය කිරීඹ හේතුවෙන් පොලිස් නිළධාරීන් විසින් වෙඩි තැබීම සිදු කොට ඇත.
පසුව ටිපර් රථයේ රියදුරු ටිපර් රථය නවතා පලා ගොස් ඇති අතර ටිපර් රථය පේදුරුතුඩුව පොලීසිය විසින් පොලිස් අත්අඩංගුවට ගනු ලැබීය.
වෙඩි තැබීම හේතුවෙන් වෙඩි ප්‍රහාරයකට තුවාල ලැබූ ටිපර් රථයේ රියදුරු පේදුරුතුඩුව මන්දගායි රෝහලට ඇතුලත් වී ප්‍රතිකාර ලබා ඇතැයි පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
31
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
827
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිස් අණ නොතැකූ ටිපරයට වෙඩි