
(කේ. බුද්ධික කුමාරසිරි)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට එරෙහිව බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී සිදු කරන සත්‍යග්‍රහය නිසාවෙන් මහජන පීඩාවන් සිදු වන බැවින් එම සත්‍යග්‍රහය ඉවත් කිරීමට නියෝගයක් ඉල්ලා තලංගම පොලිසිය සිදුකළ ඉල්ලීමක් කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ප්‍රතික්ෂේප කොට කොන්දේසි කිහිපයකට යටත්ව අදාල සත්‍යග්‍රහය පවත්වාගෙන යාමට අවසර ලබා දුන්නේය.
ඒ අනුව අදාල උද්ඝෝෂණය සෑම ආකාරයකින්ම නීතිය අපේක්ෂා කරන සාමකාමී උද්ඝෝෂණයක් විය යුතුයි. පැලවත්ත - පන්නිපිටිය මාර්ගය භාවිතා කරන මහජනයාට පදිකයින්ට කිසිදු අවහිරයක් නොවන පවත්වාගෙන යා යුතුයි. උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට පරිපාලන කටයුතුවල නිරත ගුරුවරුන්ට සහ පිරිස්වලට අවහිරයක් නොවන පරිදි පවත්වාගෙන යා යුතුයි යන කොන්දේසිවලට පවත්වන සත්යාග්රහාය යටත්වී ය යුතුය යන්න එම කොන්දේසි වේ.
තවද විභාග කටයුතු සදහා සිදු කරන ප්‍රවාහන සහ සැපයුම් කටයුතු සදහා කිසිදු බාධාවක් හෝ ප්‍රවේශ මාර්ග අවහිරයන් සිදු නොකඝ යුතු බවත් උද්ඝෝෂණයෙහි දැඩි ශබ්ද ඇති උවහොත් එය විභාග කටයුතුවලට බලපෑමක් සිදු නොවිය යුතු බවත් අවට සිටින ජනතාවට පීඩාවක් සිදු නොවිය යුතු බවටත් එම නියෝග කොන්දේසිවල දැක්වේ.
COMMENTS
තුන්මුල්ලේ විමලේ රටටම හෙනයක්. ලෙමන් පෆ් පැකට් එකක් දුන්නා නම් හොරෙන් කකා උපවාසේ කරාවී. ලැජ්ජා නැති කෙනෙක්...
උසාවියටත් තේරෙනවා ඇති හරිනි අගමැති හරහා මාලිමාව විසින් රටේ දරු පරපුරට කරන්න දතකන වින්නැහිය.
ලෝකෙන්ම හිඟාකන, පාලකයින්ගේ, බලධාරීන්ගේ දෙපතුල් ලෙවකන අනාගත පරම්පරාවන්ම ඉල්ලන අය මේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධයි, හඳමාලි.
අපේ වීරයා හිටියා නම් එක නියෝගයෙන් සත්‍යග්‍රහය ඉවරයි...
උද්ගෝෂණ පැවැත්වීම ජනතා අයිතියක්.... කොන්දේසි සහිතව පවත්වන්ට නියෝග දුන්නා මිසක් අගමැතිතුමියගේ අටමගලක් මෙතැන්ට අදාළ කරගෙන නැහැ. මොලේ උඩ ඉන්න අය ගැන කවර කතාද?
උසාවියට හොඳටම තේරිලා, ඒක හින්දා දැන් ඔය විමලේ කොළුවාගේ සත්‍යග්‍රහය පවත්වන්න වෙන්නේ කැලයක් මැද්දේ විතරයි
අනේ එයාට උපවාසය කරගෙන යන්න ඉඩ දෙන්න, ජයරත්නට හරි රේමන්ඩ්ට හරි පනිවිඩයක් යවන්න ලැහැස්ති වෙලා ඉන්න කියලා....
මේක කීයටවත් නවත්වන්න දෙන්න එපා. මේක සාර්ථක උපවාසයක් දක්වා ගෙන යන්න ඕනෑ. රජයටත් මෙතැනද ී වගකීමක් තියෙනවා මේක අඛණ්ඩ උපවාසයක් දක්වා ගෙනගොස් මේ පිළිලය රටින් තුරන් කර දැමීමට...
මගේ ගානේ තැඹිලි.