
(මනෝප්‍රිය ගුණසේකර)
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ජූනි 17 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලණි.
සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලේයාන් විසින් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාලි, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ආරක්ෂක අමාත්‍ය අනුර දිසානායක සහ නීතිපතිවරයා නම් කර ඇත.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් තමන් මඩකලපුව සිය පක්ෂ කාර්යාලයේ දේශපාලන කටයුතුවලට නිරත වෙමින් සිටියදී පසුගිය අප්‍රේල් 08 වැනිදා එහි පැමිණි රහස් පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව සඳහන් කරන පෙතසම්කරු අප්‍රේල් 12 වැනිදා ආරක්ෂක අමාත්‍ය අනුර දිසානායක මහතා තමන් දින 90ක කාලයක් රඳවා තබා ගෙන විමර්ශන කිරීමට රැදවුම් නියෝගයක් නිකුත් කළ බවද සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
630
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පිල්ලෙයාන්ගේ පෙත්සමට දින දෙයි