IMG-LOGO

පිල්ලෙයාන් අත්අඩංගුවට

(සුජිත් හේවාජුලිගේ)

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කොළඹට රැගෙන එන ලබමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනයකට අදාළව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කැඳවා ප්‍රශ්න කර තිබිණ.

 



අදහස් (16)

පිල්ලෙයාන් අත්අඩංගුවට

වින්සන්ට් කජ්ජා Tuesday, 08 April 2025 10:38 PM

මෙන්න රණවිරුවන්ගෙන් පලිගන්නවෝ!!!!

:       52       37

බටලන්දේ ප්‍රේමලතා Tuesday, 08 April 2025 10:42 PM

ගෙම්බන්පිල මාධ්‍ය ඉස්සරහ බක බක ගානවනම් රාජ්‍ය ත්‍රස්තවාදීන්ට අමාරු කාලයක් කියල දැනගන්න පුළුවන්.

:       46       42

අරවින්ද මොණරවිල Wednesday, 09 April 2025 09:51 AM

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් එළියට අදින්නයි හදන්නේ අපේ හාමුදුරුවනේ........දැන් ඉතිං අපි කුමක් කරන්නද? .........

:       40       10

ගබුත්තේතම ඇන්ඩ්රුWednesday, 09 April 2025 03:18 PM

මොණරවිල, කජ්ජා, ප්‍රේමලතා යන තුන්දෙනාම එක අයෙක් වගෙයි මට නම් හිතෙන්නේ...

:       6       2

බටලන්දේ ප්‍රේමලතා Wednesday, 09 April 2025 04:30 PM

මැක්ස් යෝගා ගුණරත්න තඹුත්තේගම සහ තව නම් රාශියක් වගේද? ඒව රතු කොළ සෙල්ලම් කරන බයියන්ගේ වැඩ නේද ...?

:       0       2

යෝගා Wednesday, 09 April 2025 10:31 AM

මේවා කාදිනල්ගේ මනදොල සපුරන්න පෙන්වන සංදර්ශන. අන්තිමට නටපු නාඩගමකුත් නෑ, බෙරේ පලුවකුත් නැතිවෙනවා. ඔච්චර දඟලන්නේ නැතුව ඊබ්‍රාහිම් නානාගෙන් අහන්න. එයා හොඳටම දන්නව ඇති මහමොලකරු කවුද කියලා.

:       55       67

පොඩිඑකාWednesday, 09 April 2025 08:17 PM

කිව්වොත් ගොං කතාවක්...

:       1       0

ගස් බණ්ඩේThursday, 10 April 2025 06:51 AM

මේ යෝගා නම් හරියට අපේ ගෙදර ගෑණි වගේ, මොනවහරි ගෙනාවෙ නැත්නං ගෙනාවෙ නෑ කියල කන්දොස්කිරියාව, ගෙනාවනං, ගෙනාපු එකේ ඇදයක් කියකිය කන්දොස්කිරියාව. මහම මහ වාතයක්!

:       0       0

අමා Wednesday, 09 April 2025 12:24 PM

යෝගා විකාර කතාකරන්න එපා. එහෙම කළොත් ආන්ඩුවේ රෙදි ලෙෆ්ට්...

:       2       5

ලුම්බිණි Wednesday, 09 April 2025 02:02 PM

පොහොට්ටු කට්ටියට දැන් සැපද ?

:       23       12

ලූට මූස් Wednesday, 09 April 2025 03:19 PM

හලෝ යෝගා, ඔයාගෙ බෙරේ පලාගත්තේ පාලම් සීයාට කියලාද?

:       1       5

Alfread Wednesday, 09 April 2025 03:24 PM

එල්.ටී.ටී.ඊ එකට විරුද්ධ වුන හැමෝගෙන්ම පලි ගන්නවා.

:       0       0

ගමේ එකාලා Wednesday, 09 April 2025 04:04 PM

කොටි මස් වැද්දෝ රෙද්ද අස්සේ දාගෙන ඇමතිකම් දුන්නේ නිකම් නෙවෙයි ..බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ උන්ට බලතණ්හාවට වැඩිය දෙයක් නැහැ .

:       2       6

de silva Wednesday, 09 April 2025 04:39 PM

ඡන්දෙන් පස්සේ ඇප දේවි...

:       2       0

පිටිගල මිලානෝ Wednesday, 09 April 2025 05:46 PM

සාදය ඉවරයි. දැන් ඉතිං වමාරපං. ගොඩාක් වැමෑරුවත් ටිකක් වැමෑරුවත් වැඩිබර ගෝඨාට…

:       1       2

Nandana Wednesday, 09 April 2025 06:53 PM

මෙයා කපටි නරියෙක්...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 14 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 597 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site