(සුජිත් හේවාජුලිගේ)
සීනි මෙට්‍රික් ටොන් 1,800ක් සඟවා තිබූ පෑලියගොඩ ප්‍රදේශයේ සීනි ගබඩාවකට පාරිභෝගික කටයුතු අධිකාරිය අද (08) මුද්‍රා තැබූවේය.
මෙසේ මුද්‍රා තබා ඇත්තේ පෑලියගොඩ නුගේ පාර ප්‍රදේශයේ පිහිටි සීනි ගබඩාවකටය.
එම ආයතනය ලියාපදිංචි කර තිබුණත් සීනි තොග අයථා ලෙස ගබඩා කරගෙන සිටීම නිසා ඊට මුද්‍රා දැමූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මෙම ගබඩාවේ සඟවා තිබූ සීනි තොග ස.තො.ස ආයතනයට ලබාදීමට පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියට පටහැනි නම් රාජසන්තක කරන්න ඕනේ... ඒත් දැන් වෙන්නේ හංගන් හිටපු එකට සල්ලි දීලා ගන්න එකනේ...
ආණ්ඩුවම 85 තිබුණු සීනි සල්ලි දීල 130ට සීනි ටික ගන්නවානම් මොන එහෙකටද මුද්‍රා තියලා නාටක පෙන්වන්නේ.?