(ලාල් එස් කුමාර)
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළට සහ මැනිං වෙළෙඳපොළට සාමාන්‍ය පරීදි එළවළු සහ මාළු තොග වශයෙන් පැමිණියත් ඒවා මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් නොපැමිණීම නිසා එම තොට වෙළෙඳපොළේ ගොඩ ගසී ඇතැයි වාර්තා වෙයි.
සංචරණ සීමා නිසා වෙළෙඳුන් මාළු සහ එළවළු මිලට ගැනීමට නොපැමිණි බව ද පෑලියගොඩ මත්‍ය වෙළෙඳ සංගමයේ සභාපති ඩබ්ලිව්.ඒ. ජයසිරි මහතා කියයි.
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ ඉදිරි දින දෙක තුළ මෙම ගැටළුවට විසඳුම් ලබා දෙන බව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් දැන් මිනිස්සුන්ට එළියට බහින්නත් බැරි නිසා ඕවා නිවෙස් වලට ගිහින් විකුණුවා නම් හරිනෙ. මහ ලොකුවට අත්‍යවශ්‍ය සේවා සපයනවා කිව්වෙ?
මනුස්සකමට මිනිහෙක් එකතු වූනෙ තෙන්නකෝන් මහතා පමනකි