
(මුදිතා දයානන්ද සහ යොහාන් භාසුර)
ඉන්ධන අර්බුදය හා ආර්ථික කඩා වැටීම නිසා තම ව්‍යාපාරයද කඩා වැටි ඇතැයි පෑලියගොඩ මාලු වෙළඳ සංකිර්ණයේ ව්‍යාපාරිකයෝ පවසති.
එහි මතස්‍ය වෙළඳසැල්වල මාලු තොග අඩුවි ඇති අතර එම භූමිය ජන ශුන්‍ය පාලු බිමක් බවට පත්ව ඇති අයුරු එහි කළ සංචාරයකදී දැකගත හැකි විය.
ඉන්ධන අර්බුදය නිසා ධීවරයින්ට මුහුදු යාමට නොහැකි වී ඇති බවද ඒ නිසා මාලු වෙළඳසංකිර්ණය වෙත පැමිණෙන මාලු තොග අඩුවි ඇති බවද මාලු ව්‍යාපාරිකයෝ පවසති.
එසේම මධ්‍යස්ථානය වෙත ලැබෙන මාලු තොග මිලදි ගැනීමට පැමිණෙන වෙළෙඳුන්ගේ සංඛ්‍යාවද ඉන්ධන අර්බුදය නිසාත් මාලු ඉතා මිල අධික වීම නිසාත් ආර්ථික අර්බුදය නිසාත් සීමා ඇති බවද ඔවුහු පවසති.
මධ්‍යස්ථානය වෙත පැමිණෙන වෙළෙඳුන්ද දැන් මිලදි ගනු ලබන්නේ ඉතාමත් අඩු මාලු ප්‍රමාණයක් බවද මේ සියල්ල හේතුවෙන් තමන්ද දැඩි අර්බුදයකට මුහුණ දි ඇති බවද ඔවුහු පවසති.
(ඡායාරූප; ශාන්ත රත්නායක)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු මාළු අළුත් කර විකුණුවාට දේව දඩුවම් ලැබෙයි.