(ලසන්ත නිරෝෂණ පෙරේරා)
පැල්මඩුල්ල බුලත්වැල්ගොඩ නිවසක අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුර සොයාගත් බව පැල්මඩුල්ල පොලිසිය කියයි.
සැකසහිත ලෙස මියගොස් සිරි නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) මහත්මියගේ සිරුර ඇය නිදන ඇද මත තිබූ බව පැල්මඩුල්ල පොලිසිය පවසයි .
නිවසට උදෑසන පැමිණි මෙහකාරිය ඒ බව දැක තිබේ.
නීතිඥවරියගේ සැමියා 30 රාත්‍රි සිට නිවසේ නොසිටි බව ඔහු පොලිසියට ප්‍රකාශයක් කර තිබේ .
මෙම නිවසට පැමිණ උදයේ සිට පස්වරුව වෙන තෙක් සේවය කරන කාන්තාවකගෙන්ද පොලිසිය ප්‍රකාශයක් ලඹාගෙන ඇත. පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා නීතිඥවරියගේ නිවෙසට පැමිණි ස්ථාණීය පරික්ෂණය සිදු කළේය.
එහිදී ප්‍රදේශවාසි කාන්තාවක්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලඹා දුන්නේය .
මෙම මරණය සැකසහිත බව නීතිඥවරියගේ පවුලේ අය පැල්මඩුල්ල පොලිසියට දැනුම් දි ඇතැයි පොලිසිය පවසයි.
එම පවුලේ අයකුට මියගිය නීතිඥවරිය විසින් පෙරේදා 30 රාත්‍රි ජංගම දුරකථනට දුන් කෙටි පණිවිඩයක් ගැනද පොලිසිය පරික්ෂණ පවත්වයි. නිවසේ බඩු මුට්ටු කිපයක් විසිරි තිබූ බව මෙහකාරිය පොලිසිය ට පවසා තිබේ .
මියගිය නීතිඥවරිය අසනිප තත්වයෙන් පෙළුණු බව ද සදහන් තොරතුරු ගැනත් සොයා බලන බවත් පොලිසිය පවසයි .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පැල්මඩුල්ලේ නීතිඥවරිය අභිරහස් ලෙස මිය යයි