
(නිමල කොඩිතුවක්කු)
ගෑස් පෝලිම් , තෙල් පෝලිම් නැති කළාට රටේ ආර්ථික සංවර්ධනයක් සිදුවී නැති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවැසීය.
ණය ගෙවීම තවකාලිකව අත්හිටුවීම හේතුවෙන් ඉතිරිවුණ මුදල් හරහා රටේ ආර්ථිකය සමනය කර තිබෙන බවත් ලබන අවුරුද්දේ රටට දරුණු ආර්ථික ප්‍රතිවිපාක අත්විදිමට සිදුවන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබෙන බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.
ජනාධිපතිවරයා වසරක් ඇතුළත අවස්ථා 11 කදී විදේශගතව තිබෙන බවත් විදෙස් ශ්‍රමිකයන්ගෙන් සහ රට අමාරුවෙන් සොයා ගන්නා ඩොලර් මේ ආකාරයට සංචාරවලට යොදා ගැනිම යුක්ති සහගතදැයි විමසන බවත් කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටේ ජනතාව පීඩාවට පත්කරන කාරණාවලින් ඉවත් වී රටේ ආදායම වැඩිකර ගැනීමට සහ රටේ නිෂ්පාදන වැඩිකිරීමට ක්‍රියාමාර්ග කඩිනම් කළ යුතුව ඇති බවත් තිස්ස අත්තනායක මහතා එහිදී අවධාරණය කළේය.
විදුලි බිල නැවත වතාවක් වැඩිකළහොත් විදුලිය භාවිතයෙන් ජනතාව ඉවත් වීමේ දැඩි ප්‍රවණතාවයක් තිබෙන බවත් විදුලි බිල වැඩි කිරීමෙන් රටේ නිෂ්පාදනවලට දැඩි ලෙස බලපෑම් එල්ල විය හැකි බවත් ඒ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘පෝලිම් නැති කළාට සංවර්ධනයක් නෑ‘‘
Lal Sunday, 01 October 2023 06:50 PM
ඔව් ඔව් මෙය ඒ දවස්වල රාජපක්ෂලා එක්ක සෙට්වෙලා මහා සංවර්දනයක් කළානේ..
Dharmatileke Sunday, 01 October 2023 11:02 PM
ණයට සල්ලි අරගෙන පෝළින් නැති කරන්නේ මටත් පුළුවන් නමුත් ණය ගෙවන්නේ කවුද?
Bamunuarachchi Monday, 02 October 2023 12:38 AM
පෝලිම් නැති කරපු ගමන් සංවර්දනය? මොලේ මඤ්ඤන්ද? අම්මගේ අප්පච්චිගේ සල්ලි වලින්ද සංවර්ධනය කරන්නේ?
abaran Monday, 02 October 2023 04:55 AM
ඔහේගේ ටිකිරි මොලේට තේරෙන්නේ නැහැ ගැඹුරු වලක ඉඳල ප්‍රාතිහාර්ය පාල වගේ එක්වරම ගොඩ එන්න බැරිබව. ඔහෙට මතකද අර 2015දී රාජපස්ස ලෙවකන්න ගිහින් සති කීපයකට සුව ඇමති වෙලා හිටිබව . පරාජයේ නියත ලකුණ ඔහේ තමයි.
Bunny Preena Monday, 02 October 2023 11:37 AM
අපේ නායකයෝ හැමදාම කලේ එදා වේල ටුවර්ස් නේ
Bamunuarachchi Monday, 02 October 2023 10:45 PM
ඈ ලාල් හාදයෝ 2005 සිට 2014 රාජපක්ෂලා කරපු වැඩ කොටස 1977න් පසු රටට කරපු වෙන නායකයෙක් කියන්න. රාජපක්ෂලා නොසිටින අද මෙරට පාලනය කරන්නේ ප්‍රභාකරන්. ජෙප්පෝ මේරටට කරපු දෙයක් නැහැ ගිනි තැබීම්, මිනි මැරීම්, මංකොල්ල කෑම් හැරෙන්න. අනිත් කරපුවා කටින් තමයි...!