(චාපා මධුභාෂීණී)
පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ ඉකුත් 24 පැයේ කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 39 දෙනකු හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි.
දැනට දිස්ත්‍රීක්කය තුළ සමස්ත රෝගීන් 1216 වාර්තා වී ඇති අතර ඉන් 253 සක්‍රීය රෝගීන් බව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්. ඒස් කුමාරවංශ මහතා කියයි.
ඒ් අනුව පොලොන්නරුව දිස්ත්‍රීක්කයේ මේවන විට කොරෝනා වයිරසය ආසාදනයවීමෙන් රෝගීන් 20 මරණයට පත්ව ඇති බවද ඒ් මහතා කියයි.
මේවනවිට දිස්ත්‍රීක්කයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වන අතර ඒ් රෝගීන් 379 කි. තමන්කඩුව ප්‍රදේශයෙන් රෝගීන් 302 ද ඇලහැර ප්‍රදේශයෙන් රෝගීන් 149 ද සිරිපුර ප්‍රදේශයෙන් රෝගීන් 85 ද වැලිකන්ද ප්‍රදේශයෙන් රෝගීන් 78, මැදිරිගිරිය ප්‍රදේශයෙන් රෝගීන් 46 ද ලංකාපුර ප්‍රදේශයෙන් රෝගීන් 92 ද අරලගංවිල ප්‍රදේශයෙන් රෝගීන් 85 ද මේවනවිට හදුනාගෙන ඇති බව දිස්ත්‍රීක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd