IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොලොන්නරුවට අධික මීදුම් තත්වයක්

(ඩබ් ඒ පියතිලක)

පොලොන්නරුවේ  ප්‍රදේශ රැසකට අද  (23) උදෑසන අධික මීදුම් තත්වයක් පැවතීමෙන් මාර්ගවල රථ වාහන ගමනාගමනයට මෙන්ම මාර්ගවල ගමන් කරන  පදිකයන්ට ද බාධා ඇතිවිය.

මෙම මීදුම් සහිත කාලගුණ තත්වය මින්නේරිය, හිගුරක්ගොඩ , ගිරිතලේ, මැදිරිගිරිය සහ පොලොන්නරුව  ඇතුළු ප්‍රදේශ රැසක දක්නට ලැබිණ.

අද (23) උදැසන  6 සිට 7.30 දක්වා කාලයක මෙම මීදුම් සහිත තත්වය  තිබෙන අයුරු  දක්නට ලැබිණි.

ප්‍රදේශයේ  ජනතාව  පවසා සිටින්නේ මෙවැනි මිදුම සහිත තත්වයක්  මෑත කාලයේ දැක නොමැති බවයි. මෙසේ මිදුම් තත්වයන් මිට පෙර තිබුණත් මෙවැනි අයුරින් නගරයේ පවා දක්නට නොලැබුණ අතර ඉදිරියේ දි අධික නියග තත්වයක පෙර නිමිති බව ජනතාව කියති.



අදහස් (6)

පොලොන්නරුවට අධික මීදුම් තත්වයක්

පූජා Thursday, 23 July 2020 07:10 AM

මෙහි පලවෙනි පින්තූරය දෙස බොහෝ වෙලා බලා සිටියෙමි... අමුතුම සුන්දරත්වයක් එහි ගැබ්ව ඇති බව දුටුවෙමි... ඒත් සැනෙකින් යමක් සිහි වී සිත මඳක් සසල විය... අපගේ මනුස්ස ජීවිතයත්, තණ අග ඇති පිණි බිඳුවක් වැන්නේ යන ප්‍රකට කියමන හද රැව් පිලිරැව් දෙන සෙයක් දැනී යථා තත්වයට පත්වූයෙමි... හැම සුන්දර දෙයක් පසුපසම ඇති, සැබෑ යතාර්ථය කෙතරම් ආශ්චර්යද.?

:       2       592

විජිත් Thursday, 23 July 2020 09:53 AM

පුජා ,ඔයා මේ පිනි බිඳු දිහා ලස්සනට. ඒවගේම දාර්ශනිකව බලලා ලස්සන සටහනක් ලියලා. මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගැයූ, කේ.ඩී.කේ. ධර්මවර්ධන මහත්මයා ලියපු " දෙඅදර විලිකුන් සුරත් පලේ.." කියන ගීතයේ තැනක මෙසේ සඳහන් වෙනවා.." මධු විත සැනෙකින් හිස්වෙනවා... දිවි තවලම කතරක යනවා - යව්වන බව හෙට නැතිවෙනවා ... කල් බැලු අය හිඳ ලතවෙනවා... ජිවිතේ පිනි බින්දුවක් වාගේ .." කියලා. බුදුන්වහන්සේ දෙසු ධර්මයේ සංක්ෂිප්තයනේද ඉන් කියවෙන්නේ..? අපේ ...මුරණ්ඩු..අකීකරු..නොඉවසන .. හැම තැනම ඇලෙන ..ගැලෙන " සිත " අපිට පාලනය කරගන්න හැකිවූ දවසක හැර අපට මේ පොදු ධර්මතාවයෙන් මිදීමක් නැත. ඉපදුන හැමටම පොදු ලෙස හිරු දුටු ..පිනි බිඳු මෙන් අප යායුතුමය දවසක. නොගියොත් ආපසු එන්නේ කොහොමද...?

:       2       592

පූජාThursday, 23 July 2020 12:25 PM

විජිත්, මම නම් ආයේ මෙහාට එන්න හීනෙකින්වත් හිතන්නේ නැහැ. කර්මානුරූපව ඊලඟ භවය කොහොම සකස් වෙයිද කව්ද දන්නේ? මම මොහොතක් මේ පින්තූරවල තියෙන සුන්දරත්වය දුටුවා. සුන්දරත්වයට යටින් දිවයන ගැඹුරු අර්ථයත් අවබෝධ කරගත්තා. මේ ආටිකල් එකේ අන්තිමට තියෙන දේ දැක්කාම, එය තවත් එය අර්තවත් වුණා. එහි ජනතාව හිතනවලු ඉදිරියේදි දරුණු නියඟයකට එයාලාට මුහුණ දෙන්න වෙනවා කියලා. එය මොනතරම් එයාලගේ ජන ජීවිතයට බලපෑම් කරනවා ඇද්ද?

:       2       222

siri Thursday, 23 July 2020 11:01 AM

අනුන්ගේ පිනට රටේ රජ්ජුරුවෝ වෙලා ඉඳලා දැන් කේවට්ටකම් කරන්න පොරකන මිනිස්සු ඉන්නකොට ඔහොම වෙන්න පුළුවන්.

:       0       181

sharm warn Friday, 24 July 2020 04:38 AM

දැඩි නියඟයක පෙර නිමිති. අනේ දෙයියනේ...

:       0       102

ruwan Friday, 24 July 2020 04:54 AM

තව කෙනෙක් පොළවෙන් මතුවෙන්න හදන්නේ...

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 155 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site