



(ඩබ් ඒ පියතිලක)
පොලොන්නරුවේ ප්‍රදේශ රැසකට අද (23) උදෑසන අධික මීදුම් තත්වයක් පැවතීමෙන් මාර්ගවල රථ වාහන ගමනාගමනයට මෙන්ම මාර්ගවල ගමන් කරන පදිකයන්ට ද බාධා ඇතිවිය.
මෙම මීදුම් සහිත කාලගුණ තත්වය මින්නේරිය, හිගුරක්ගොඩ , ගිරිතලේ, මැදිරිගිරිය සහ පොලොන්නරුව ඇතුළු ප්‍රදේශ රැසක දක්නට ලැබිණ.
අද (23) උදැසන 6 සිට 7.30 දක්වා කාලයක මෙම මීදුම් සහිත තත්වය තිබෙන අයුරු දක්නට ලැබිණි.
ප්‍රදේශයේ ජනතාව පවසා සිටින්නේ මෙවැනි මිදුම සහිත තත්වයක් මෑත කාලයේ දැක නොමැති බවයි. මෙසේ මිදුම් තත්වයන් මිට පෙර තිබුණත් මෙවැනි අයුරින් නගරයේ පවා දක්නට නොලැබුණ අතර ඉදිරියේ දි අධික නියග තත්වයක පෙර නිමිති බව ජනතාව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි පලවෙනි පින්තූරය දෙස බොහෝ වෙලා බලා සිටියෙමි... අමුතුම සුන්දරත්වයක් එහි ගැබ්ව ඇති බව දුටුවෙමි... ඒත් සැනෙකින් යමක් සිහි වී සිත මඳක් සසල විය... අපගේ මනුස්ස ජීවිතයත්, තණ අග ඇති පිණි බිඳුවක් වැන්නේ යන ප්‍රකට කියමන හද රැව් පිලිරැව් දෙන සෙයක් දැනී යථා තත්වයට පත්වූයෙමි... හැම සුන්දර දෙයක් පසුපසම ඇති, සැබෑ යතාර්ථය කෙතරම් ආශ්චර්යද.?
අනුන්ගේ පිනට රටේ රජ්ජුරුවෝ වෙලා ඉඳලා දැන් කේවට්ටකම් කරන්න පොරකන මිනිස්සු ඉන්නකොට ඔහොම වෙන්න පුළුවන්.
දැඩි නියඟයක පෙර නිමිති. අනේ දෙයියනේ...
තව කෙනෙක් පොළවෙන් මතුවෙන්න හදන්නේ...