(අජන්ත කුමාර අගලකඩ)
රජය විසින් පනවනු ලැබ ඇති පාලන මිලට සහල් අලෙවි නොකරන වෙළඳුන් සම්බන්ධයෙන් හදිසි නීති රෙගුලාසි යටතේ වහා පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දී ඇත .
සහල් සඳහා පාලන මිලක් රජය විසින් පනවනු ලැබුවද ,ඇතැම් වෙළඳුන් සහල් මිල අඩු නොකිරීම සම්බන්ධයෙන් ඊයේ(06) රාත්රියේ පැවති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර, එහිදී ජනාධිපතිවරයා වෙළඳ ඇමතිවරයාට මෙම උපදෙස් දී ඇත .
මේ අතර ,මහා පරිමාණ වී මෝල් හිමියන් පාලන මිල යටතේ සහල් අලෙවි නොකරන්නේ නම්, ඒවායේ ගබඩා රජයට පවරා ගෙන හෝ පාලන මිලට සහල් ලබා දෙන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපි දැක්කා, අලුත ආපු ගමන් නටපු නාඩගම, හාල් 92ට විකුණනවා කියලා, හාල් මාෆියාව කුඩු පට්ටම් කරනවා කියලා ආවේ... අන්තිමට රු 92 කෙසේ වෙතත් ඩඩ්ලිගේ මිලටයි හාල් විකිණුවේ... අපි රැවටුණා.. දැන් අපිට තේරෙනවා මේ නඩ දෙකම එකයි කියලි. අවුරුදු 73ක් මේ රට හූරන් කෑවා.. දැන්වත් පලයල්ලා...
පුලුවන්නම් මේ කූට වෙළඳුන්ට සහ හාල් මාෆියාවට වැඩ වරද්දලා පෙන්වන්න .කතාව විතරයි .වැඩනෑ
හි.. හී.. අද සුවාරිස් ගේ කාර්ටූන් එක මතක් උනා
කටින් බතල හිටවන වැඩ බැරි ටාසන් බාප්පා.. මීට වඩා හොඳයි සිරිසේන 100 ගුණයක්.. නාකි මැන්ටලයක්... කරන්න බැරි නම් පුලුවන් කෙනෙක්ට දීලා තොලොංචි වෙලා යන්නකෝ...
අනේ ඇමැතිතුමෝ, අපිට නොවේ රටටම වැරදුණා තුන් පාරක්... පසුගිය මැතිවරණ තුන. ඊට වැඩිය මොනවා වරදින්නද? කරපු කලට පව් මීරිය මී සේ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. කවියා හරියටම හරි...
මැතිවරණයට ඉස්සෙල්ලා පොරොන්දු කියපු, කරපු දේවල් අද අතළොස්සක්වත් ඉෂ්ඨ කරගන්න බැරිව බොරු කියමින් ජනතාවගේ රත්තරන් වටිනා කාලය විනාශ කිරීමේ රාජපක්ෂමේන්තුවේ ප්රතිපත්තියක් වී ඇත.
කලින් නීතියක් ගෙනවා හාල් 95 යි කියල දැන් කෝ ඒ් නිති