(කේ. බුද්ධික කුමාරසිරි)
පොල් සංවර්ධන මණ්ඩලයට අයත් සේවක අර්ථසාධක මුදල් කෝටි 7 ක මුදලක් වංචා කිරීමට සහය පළ කරමින් අධිකාරී වගකීමක් පැහැර හැරීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ වාණිජ අපරාධ විමර්ශනය ඒකකය මගින් අත් අඩංගුවට ගත් පොල් සංවර්ධන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) අරුණ ශාන්ත ජගත්නාථ සිල්වා හෙට (27) දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (26) දින නියෝග කළාය.
එම සැකකරු චෙක්පත් සදහා මුල් අත්සන් කරු ලෙස තම අත්සන යෙදීමට පෙර නිවරැදි පුද්ගලයන් වෙත එම චෙක්පත් යොමු වෙනවාද එම චෙක්පත් වල නම් සදහන් පුද්ගලයන් කවුරුන්ද යන්න සොයා බැලීම රාජකාරිමය වගකීමක් බවද සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ වාණිජ අපරාධ විමර්ශනය ඒකකය අධිකරණය වෙත කරැණු දක්වන ලදී.
එසේම ශ්‍රි ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මුදල් රෙගුලාසි පනතේ 139 වගන්තිය කඩ කරමින් වංචාවකට සහය පලකර අධිකාරි වගකීමක් පැහැර හැර ලක්ෂ හත්සියයකට ආසන්න මුදලක් පැහැර ගැනීමට අනුබල දී ඇති බවද මෙහිදී කරුණු දැක්විය.
2025 දෙසැම්බර් මස 18
444
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල් මණ්ඩලයේ හිටපු ඒ.ජී.එම් රිමාන්ඩ්
Bunny Preena Friday, 28 July 2023 11:30 AM
සිර දඬුවමකින්ම පමණක් සෑහීමකට පත්විය නොහැකිය .මොහුගෙන් සහ ඔහුගේ අනුගාමිකයින් විසින් සොරකම් කරන ලද සියලුම මුදල්ද ලබා ගත යුතුය