(බිමල් ශ්‍යාමන් ජයසිංහ ,සුමිත් පොතුපිටිය සහ ගයාන් සූරියආරච්චි)

හොරයින්  මත්කුඩු පානය කරන්නන්ට නිවස තුළ පහසුකම් සැලසූ මෙන්ම  ඊට ආදේශකයක් ලෙස භාවිතා කරන මත්  කරල් සැපයු යුද හමුදාවෙන් පලා ආ සෙබලා සමග මත්ද්‍රව්‍ය  මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු කළුතර ඈතගම නිවසක දි අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි

 සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී මත්කරල් 14 ක් හා පලා ආ හමුදා සෙබලාගේ නිවස තුළ සඟවා තිබූ  යුද හමුදාව භාවිතා කරනු ලබන කැලෑ නිල ඇඳුම් කට්ටල හතරක් ,තද කොළපෑති හමුදා නිල ඇඳුම් කට්ටල පහක් , කැලෑ සටන් වලට භාවිතා කරනු ලබන හිස් වැසුමක් , තද කොළ පැහැති හමුදා හිස් වැසුම් දෙකක් , නිල් පැහැති හමුදා හිස් වැසුම් දෙකක්, කොළ පැහැති හමුදාබඳ පටි දෙකක් , දුඹුරු පැහැති හමුදා බඳපටි දෙකක් ,හමුදා බූට් සපත්තු ජෝඩු දෙකක් , නලාව සහිත රතු පැහැති ලෙන්යාඩ්  එකක්  සහ කොළ පැහැති හමුදා ගමන් බෑගයක්  පොලිස් භාරයට ගෙන ඇත

යුක්තිය මෙහෙයුමට සමගාමීව  පානදුර වලාන මධ්‍යම දූෂණ මධ්‍ය ප්‍රහාරක බලකාය   සැකකරු පදිංචි නිවස වටලා සිදු කළ පරික්ෂාවේදී    දේපළ සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි