IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලී අනුපාතය ඉහළ දැම්මාට අයි.එම්.එෆ් ප්‍රසාදය

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමට ගත් තීරණය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රසාදය හිමිව තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුව ගත් මෙම තීරණය උද්ධමනය ස්ථිරවම සහ ඉතාමත් ඉක්මණින් පහළ දමමින් තනි ඉලක්කමක් කරා ගෙන ඒමට ඇති කැපවීම පෙන්නුම් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ දැමීමට ගත් තීරණය, උද්ධමන ඉලක්ක සපුරා ගැනීම සඳහා වන පොදු රාමුවේ අරමුණු වලට අනුකූල මෙන්ම සුදුසු තීරණයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී මසහිරෝ නොසාකි යන මහත්වරුන් ප්‍රකාශයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම තීරණය උද්ධමන ඉලක්ක සපුරා ගැනීමට ඇති කැපවීම පිළිඹිබු කරන බවත් මෙම තීරණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහනේ උද්ධමනය පහළ දැමීමේ උපාය මාර්ගයේ වැදගත් කොටසක් බවත් එම ප්‍රකාශයේ දැක්වේ.

ශ්‍රී ලංකාවේ උද්ධමනය පහළ යමින් තිබුණත් එය තවමත් ඉහළ මට්ටමක පවතින බවත් එය දුප්පත් ජනතාවට දැඩි පීඩනයක් එල්ල කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.



අදහස් (1)

පොලී අනුපාතය ඉහළ දැම්මාට අයි.එම්.එෆ් ප්‍රසාදය

de silva Saturday, 04 March 2023 03:08 PM

ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කරන්න කියලා මේකෙන් කියන්නේ නැත්තේ මොකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1016 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site