IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


පරිසරයට හානි කරන අයට දැඩි නීති පියවර

(අංජුල මහික වීරරත්න)

ස්වභාවික පරිසර පද්ධතියට හානි කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවැසීය. 

පරිසරය පිළිබඳව අවබෝධයකින් හා සැලසුමකින් තොරව කරන ලද ඉදිකිරීම් හේතුවෙන් කොලොන්නාව ගංවතුර ඇතුළු, පාරිසරික බලපෑම් රැසකට මුහුණ පා සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය. 

වැල්ලම්පිටිය ප්‍රදේශයේ, කීරකොටුවක් පැවති ඉඩමක් ගොඩ කර, තාප්පයක් ඉදි කර ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා එම නීති විරෝධි කටයුත්තට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව ප්‍රකාශ  ප්‍රකාශ කළේය.

පරිසරයත්, මානවයාත් දෙකක් නොව එකක් ලෙස සිතා කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන සතියට අදාළ පරිසර වැඩසටහනට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

ඒ අනුව ගොතටුව තෙත්බිම් උද්‍යානයේ දී රුක්‍ රෝපණ වැඩසටහනක්, පාසල් සඳහා කොස් සහ අඹ පැළ බෙදා දීමේ වැඩසටහනක් හා ප්‍රදේශවාසීන් සඳහා පොල් පැළ බෙදා දීම සිදු කෙරුණි. 



අදහස් (0)

පරිසරයට හානි කරන අයට දැඩි නීති පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 630 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site