
(යොහාන් භාසුර)
මහාචාර්ය තිලක් හේවාවසම් මහතා මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පසුගියදා වැඩ භාරගත්තේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ භූගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරන ඒ මහතා එම විශ්වවිද්‍යාලයේ පාරිසරික තිරසාරත්ව කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.
හේවාවසම් මහතා 2003 වර්ෂයේදී ස්විස්ටර්ලන්තයේ බර්න් විශ්වවිද්‍යාලයෙන් භූ රූප විද්‍යාව හා පෘෂ්ඨීය භූ රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ද, ජර්මනියේ ජීඑෆ්.ඉසෙඩ් පර්යේෂණ ආයතනය හෙවත් “භූවිද්‍යාව සඳහා වන ජර්මානු පර්යේෂණ ආයතනයේ” පර්යේෂණ අංශයේ ද, එක්සත් රාජධානියේ ග්ලස්ගොව් විශ්වවිද්‍යාලයේ ද පශ්චාත් ආචාර්ය උපාධි අධ්‍යයන ද්විත්වයක් හිමිකරගත් නිලධාරියෙකි.
ඔහු 1996 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භූ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියලබා ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධ්යක්ෂ ජනරාල්ගෙන් ආරක්ෂා වෙන්න.
ශාහ්... ඕකට පත්කරන්න තිබුණේ කළුතර රෝහිතවනේ. මිනිහා දුකින් අඬ අඬ ඉන්නේ.