IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පැරිසියේ බක්මහ සිරි

 

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

 
ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලුත් අවුරුදු උළෙල මෙවරත් විහාරස්ථානයට නුදුරින් පිහිටි  ලාකුරනව් ඩෙලානු  ක‍්‍රීඩාංගනයේදී උත්කර්ෂවත්ව පැවැත්විණි. 
 
පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ. ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ප‍්‍රංශයේ ශ්‍රීලංකා තානාපති බුද්ධි ආතවුද මහතා සහ ලාකුරනව් නගරාධිපතිවරයා එක්ව ප‍්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජ එසවීමෙන් උත්සවයේ කටයුතු ආරම්භ කළහ.  සිංහල අලුත් අවුරුදු චරිත‍්‍රානුකූලව හිසතෙල් ගෑම, දෙමාපියන්ට හා ගුරුවරුන්ට බුලත් හුරුලු පිළිගැන්වීමද සිදුකෙරිණි.
 
දූ දරුවන් සඳහා කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය, සිඟිති අවුරුදු කුමරු කුමරියන්  තේරීම වැනි තරග මෙහි පැවැත්වුණු අතර උළෙල අවසානයේ පැරීසියේ තිසරාවී රංඟ කලායතනයේ දරුවන්ගේ නර්තනයෙන් සමන්විත සංස්කෘතික ප‍්‍රසංගයක්ද පැවැත්විණි.
 
පැරිසියේ ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමි, ප‍්‍රංශයේ ප‍්‍රධාන සංඝ නායක පරවාහැර චන්ද්‍රරතන හිමි, පැරිසියේ ජේතවනාරාමයේ විහාරාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥාණිස්සර හිමි, පැරිසියේ කතෝලික දේවස්ථානයේ නිලන්ත පියතුමා ඇතුළු  රැසක් මීට එක්ව සිටියහ.



අදහස් (2)

පැරිසියේ බක්මහ සිරි

රොහාන් දයාදර පැරිස් Wednesday, 17 April 2019 05:04 PM

මට දැනගන්න ලැබුණු විදිහට විදේශ රටක වසරක් පාසා පවත්වන අති දැවැන්ත සුර්‍යා මංගල්‍ය.. සුර්‍යා මීන රාශියෙන් මේස රාශියට සංක්‍රමණය සිහිකරන සිංහල හින්දු අලුත් අවුරුද්ද ලෙස සමරන යුරෝපයේ ප්‍රංශ රටේ ලෝකයේ සුන්දරම නගරය ලෙස විරුදා වලියෙන් පිදුම් ලබන පැරිස් සිට අපි අපේකම, ආදරය, කරුණාව, දයාව, සමගිය, එකමුතුව, විදහා පාන කැඩපතක් බදු අති දැවැන්ත බක්මහ උළෙල මෙයයි කියා කිවොත් කවුරුත් මා සමග එකග වනු ඇතැයි මා තරයේ විස්වාස කරමි..

:       24       160

kamal Thursday, 18 April 2019 08:34 AM

යුරෝපයේ ලොකුම අවුරුදු උළෙල මෙය තමයි......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 252 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 79 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site