IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


ප්‍රසූතියට සූදානම් වන ගැබිනි මවට උපදෙස්

රටේ මේ වනවිට පවතින අවිනිශ්චිත සමාජීය, ආර්ථික තත්ත්වය සහ ප්‍රවාහන සේවාවේ ගැටලුකාරී තත්ත්වය නිසා දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මවක් ඒ සඳහා වෙනදාට වඩා වැඩි අවධානයක් යොමු කිරීම ඉතාම වැදගත්ය.

ඒ අනුව පහත උපදෙස් ඔවුන් සඳහායි

ඔබ මතක තබා ගත යුතු විශේෂිතම කරුණ වන්නේ, දරු ප්‍රසූතිය සඳහා සුදුසුම ස්ථානය රෝහල බවයි. ඒ සඳහා අවැසි සියලුම පහසුකම් ද සහිත ස්ථානය රෝහල බැවින් කිසිවිටෙකත් නිවෙස් ගත දරු ප්‍රසූති සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිර්දේශ කරනු නොලැබේ. එවැනි තත්ත්ව සිදුනොවීම සඳහා ගර්භනී මවුවරු තම ප්‍රදේශයට අදාළ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සමග සාකච්ඡා කොට සුදුසු සැලසුම් සකසා ගත යුතුයි.

නිවෙස් තුළ සිදුවන දරු ප්‍රසූතිවලදී මවගේ ජීවිතයටත් අලුත උපන් දරුවාගේ ජීවිතයටත් සංකූලතා ඇති වීමේ අවදානම බොහෝ ඉහළයි. දරු ප්‍රසූතියෙන් අනතුරුව අධි රුධිර වහනය වැනි සංකූලතා මවගේ ජීවිතයට ඇති වීමේ අවදානමක් පවතී. ඒ හරහා විසබීජ ශරීරගත වීම සහ ශ්වසන අපහසුතා අලුත උපන් දරුවාගේ ජීවිතයට වුව ද බරපතළ අවදානම් තත්ත්ව ඇති කළ හැකියි.

දැනට ලංකාවේ සිදුවන දරු උපත්වලින් 99.9% ක්ම රෝහල් තුළ සිදු වීම නිසා ඉහත කී සංකූලතා බොහෝ සෙයින් වලක්වා ගැනීමට හැකි වී ඇත. එය මාතෘ මරණ සහ ළදරු මරණ අවම රටක් ලෙස නිරන්තර ඇගයීමට ලක්වීමට හැකි වන මට්ටමට ළඟා වීමට විශාල පිටුබලයක් වී තිබේ.

පවතින වාතාවරණය නිසා හදිසි අවස්ථාවක දී රෝහලක් වෙත ගමන් කිරීම ගැටලුවක් වනු ඇතැයි සැකයක් වේ නම්, අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තුමා/ තුමිය සමඟ සාකච්ඡා කොට දරු ප්‍රසූතිය සඳහා නියමිත දිනට පෙර වුව ද රෝහල්ගත වී අදාල සේවාවන් සපයා ගැනීමට යොමුවිය හැකියි.

මෙහිදී මතක තබා ගත යුතු තවත් වැදගත් කාරණයක් වනුයේ ගර්භනී කාලය තුළදී කිසිදු සංකූලතාවක් නොපෙන්වන මවකට වුව ද ප්‍රසූතිය සම්බන්ධ සංකූලතා ඕනෑම අවස්ථාවක දී ඇතිවිය හැකි බවයි. එම නිසා එවැනි හදිසි අවස්ථාවක රෝහල් ගත වන ආකාරය පිළිබඳව තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහ පවුලේ අනෙක් අය සමග සාකච්ඡා කොට සුදුසු ක්‍රියාදාමයක් මුල සිටම පිළියෙළ කර තබා ගැනීම වැදගත් වනු ඇති.

ගර්භනී මවුවරුන් දරු ප්‍රසූතියේ ලක්ෂණ සහ ඇති විය හැකි සංකූලතාවල ලක්ෂණ පිළිබඳව ඉතා හොඳින් දැනුම්වත් විය යුතුයි. මේ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනගෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි අතර මෙවැනි අවදානම් තත්ත්වයක ලක්ෂණ පහළ වූ විගස හැකි ඉක්මනින් රෝහල් ගත විය යුතුයි. තමාට ප්‍රවාහන සේවා සපයා ගත නොහැකි අවස්ථාවක දී සුවසැරිය ගිලන් රථ සේවාව හරහා එම පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇත. එවැනි දුෂ්කර අවස්ථාවක දී තවදුරටත් කාලය අපතේ නොයවා හැකි ඉක්මනින් 1990 අංකය හරහා මෙම සේවාව සමග සම්බන්ධ වීමට කටයුතු කිරීම ඉතා වැදගත්. පැය 24 පුරාම මෙවැනි හදිසි අවස්ථාවක දී සේවා සැපයීමට රජයේ රෝහල් බැඳී සිටින බැවින්, හැකි ඉක්මනින් රෝහලට යොමු වුවහොත් අදාල සේවා නොඅඩුව ලබාගත හැකි වනු ඇත. එය ඔබගේත් සිඟිත්තාගේත් ජීවිත සුරක්ෂිතතාව උදෙසා ඉවහල් වේ.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරින් සැකසිණි)

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

ප්‍රසූතියට සූදානම් වන ගැබිනි මවට උපදෙස්

ඔබේ අදහස් එවන්න

දියත

පරාටේ නීතිය තහනමට මුදල් කමිටුවේ අනුමැතිය
2024 මැයි මස 02 270 0

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.


ගම්පහට මී උණ අවදානමක්
2024 මැයි මස 02 218 0

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම් 15 ක මී උණ රෝගය වැළඳීමේ අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙ


වීසා දෙන්න ඉන්දීය සමාගමකට දී මහ අවුලක් වෙලා
2024 මැයි මස 02 1099 4

කටුනායක ගුවන් තොටුපොළ තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙතෙක් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ඉන්දීය පෞද්ගලික සමාගමකට පැව


වැලිඔය ගොවි රජෙක් අඛණ්ඩ උපවාසයක
2024 මැයි මස 02 268 0

රජයේ ඇතැම් නිලධාරීන් තමන් රවටන බවට චෝදනා කරමින් තමන් මුහුණ පා සිටින ගැටළුවලට විසැඳුම් ඉල්ලා වැලිඔය හැලබවැව ගොවිසංවිධානයේ සභාපති ඇතුලු පිරිසක් අද (02) උ


එරික් සෝල්හයිම් උතුරේ සංචාරයක
2024 මැයි මස 02 540 3

උතුරු පළාතේ සංචාරයක නිරත නෝර්වේ හිටපු විදේශ අමාත්‍ය සහ ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශක එරික් සෝල්හයි


රැඳවියෙක්ගේ සිරුර කුටියේ එල්ලෙයි
2024 මැයි මස 02 458 0

මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි රඳවියකුගේ සිරුර එල්ලෙමින් තිබියදී සොයා ගත් බව බලගොල්ල පොලිසිය කියයි .


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 452 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1874 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1669 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site