
මහ මැතිවරණයකට ඉඩ සලසමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
ඒ අනුව, ප්‍රංශ පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණයේ පළමු වටය මෙම ජූනි 30 වැනිදාත්, දෙවැනි වටය ජූලි 7 වැනිදාත් පැවැත්වෙනු ඇත.
ප්‍රංශ ජනාධිපති මැක්රොන් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ජාතිය අමතමින් ඒ බව දැනුම් දීමෙන් පසුවය.
යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී ඇති අතර, ජයග්‍රහණය කළ වැඩි දෙනා අන්ත දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම්ය. මැතිවරණයෙන්, ප්‍රංශ ජනාධිපති මැක්රොන්, ජර්මන් චාන්සලර් ඕලාෆ්, ඔස්ටි්‍රයානු චාන්සලර් කාර්ල් නෙහැමර් පරාජයට පත් වූහ.
එම මැතිවරණ පරාජය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවීමටත්, කඩිනමින් මැතිවරණයකට යෑමටත් තමන් තීරණය කළේ යැයි ප්‍රංශ ජනාධිපතිවරයා ජාතිය අමතමින් පැහැදිලි කර තිබේ.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1680
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1414
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
501
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවයි