(සුජිත් හේවාජුලිගේ)
ප්‍රංශ නාවික හමුදාවේ සාමාජිකයන් පිරිසකට නැරඹීම සඳහා පමණක් යාල සහ උඩවලව ජාතික වනෝද්‍යාන ලබන 8 වැනිදා විවෘත කරන බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසයි.
එරට නාවික හමුදාව කළ ඉල්ලීමක් අනුව මෙම විශේෂ අවසරය ලබා දුන් බවද රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කරයි
ප්‍රංශ නාවිකයන් පිරිස ජෛව බුබුලක් යටතේ මෙරටට පැමිණෙන බවත් එම නාවිකයන්ගේ මෙම සංචාරය සංචාරක අමාත්‍යාංශය සංවිධානය කර ඇති බවත් දිසානායක මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සංචාරය සම්බන්ධයෙන් අදහස් දක්වන නාවික හමුදා මූලස්ථානය පවසන්නේ ප්‍රංශ නාවික නිලධාරීන් පිරිසක් මෙරට සංචාරය කළද එම ප්‍රංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ නාවික නිලධාරින් අතර කිසිදු පුහුණු සැසියක් මේරටදී නොපැවැත්වෙන බවයි .
මේ අතර මෙවැනි විදේශීය සංචාරක කණ්ඩායම් මෙරට සත්වෝද්‍යාන නැරඹීමට පැමිණෙන්නේ නම් එසේ පැමිණෙන පිරිස් කොවිඩ්වලින් තොර බවට සංචාරක මණ්ඩලය සහතිකයක් දිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක රටක්.., එක නීතියක්. සියල්ල බලාපොරොත්තු වූවාටත් වැඩියෙන් සිදුවෙමින් පවතියි. ලොකු පුතා ලබන වෙසක් පෝයට අගමැති තනතුරට පත්වෙන්නයි සුදානම කියලත් කියනවා. ෂරියා නීතිය වල් වැදිලා. මද්රසා පාසල් දැන් වහලා ඒ ගොඩනැඟිලිවල වසංගත රෝගීන් නිරෝධායනය කරනවා, බුර්කාව බෙහෙතකටවත් හොයා ගන්න නැහැ. බැංකු මංකොල්ල කාරයින් දැන් ආණ්ඩුවේ උළු ගෙදර වැසිකිලි හෝදනවා. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු කොළ නැති ගහේ ඇරියා. රතුළුෑණු හරිම ලාබයි. අල එහෙම තුට්ටු දෙකයි. කොරෝනා වසංගතය නැත්තටම නැති කළා. අාපදා උපද්‍රව කිසිදෙයක් ගැන අහන්නටවත් නැහැ. මෙහෙම ආණ්ඩුවක් රජකාලේවත් තිබිලා නැහැ. හරි සන්තෝෂයි...
අපිට ප්‍රංශ කොරෝනා වෛරසය විතරමයි අඩු... එ්කත් ඉක්මණින් ගෙනැල්ලා හඬපල්ලා මුලු රටටම. වෙන රටවල් විදේශිකයන් එන එක නවත්වලා කොරොනා පාලනය කර ගත්ත, මෙහෙ මුල ඉඳන්ම විදේශිකයන් ගෙන්නලා කොරෝනා පොකුරු හදාගත්තා. අැත්තටම මේක රටක්ද? පිස්සන් කොටුවක්ද?
ෂා එකනම් මරු නේද
මේකට දාන්නේ ප්‍රංශ පොකුර කියලද? නැතිනම් යාල පොකුර කියලද?
මොන්ටිසෝරි අය ඇමැතිලා වුණාම ඔහොම තමයි. ආර්ථිකේ පැදුරෙන් බිමට වැටුණා කියලා වෙනසක් නැහැ. ඒ අයගේ ගජමිතුරන්ට බිස්නස් තමයි ඕවා...!!!
වාසියට නොකරන දෙයක් නැ