(ටී.කේ.ජී.කපිල)

ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්ක්‍රෝන් මහතා පැය 02 යි විනාඩි 09 ක කෙටි ශ්‍රී ලංකා සංචාරයක් සදහා එරටට අයත් ගුවන් යානා 03 කින් කටුනායක ගුවන් තොටුපොළට  පැමිණියේය .

ප්‍රංශ ජනාධිපතිවරයා රැගත් සී.ටී.එම්.- 22 දරන ප්‍රංශ රජයට අයත් ගුවන් යානය පැපුවා නිව්ගිගිනියාවේ පෝර්ට් මොරෙස්බි ගුවන් තොටුපොළේ සිට රාත්‍රී 11.35 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ප්‍රංශ ජනාධිපතිවරයා පැමිණියේ ඒ.- 330 එයා බස් වර්ගයේ ගුවන් යානයකිනි . ඊට අමතරව එරට රාජතාන්ත්‍රික දූත පිරිස තවත් ඒ.- 330 එයා බස් වර්ගයේ ගුවන් යානයකින් සහ ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් විසින් ෆැල්කන් - 07 වර්ගයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස පිළිගැනීමට සහ ඔවුන් සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

එම සාකච්ඡා නිමාවෙන් පසුව 07/29 දින අලුයම 01.44 ට ප්‍රංශ ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගියේය.