
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම නගරයේ ඉන්ධන හළක් තුළදී ත්‍රි රෝද රථයක් අද ( 28 ) හිටිහැටියේම ගිනි ගැනීමට ලක් විය.
එම ත්‍රිරෝද රිය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව පණගැන්වීමත් සමගම පිටුපස එන්ජිම දෙසින් ගින්න හටගෙන තිබිණි . ගින්න ඇති වීමත් සමඟම ඉන්ධන ලබා ගැනීමට පැමිණි ඇතැම් රියදුරන් තම වාහන රැගෙන එම ස්ථානයෙන් වහ වහා ඉවත් වූහ.
පොම්පකරුවෝ ගිනි නිවීමට උපකරණ භාවිතා කරමින් ගින්න නිවා දැමීමට උත්සාහ ගනිද්දී ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදි කරුවන් ද ඊට සහාය දැක්වූහ .
පොම්පකරුවන්ට ගිනි නිවීම සම්බන්ධයෙන් පුහුණුවක් ලබාදී තිබූ හෙයින් විනාඩි කීපයක් තුළ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට හැකි වීමෙන් ඉතා විශාල විනාශයක් වැළකි ගිය බව ඉන්ධන හලේ හිමිකරු පැවසූහ . ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැතයි පොලීසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd