
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා ඒ අයි තාක්ෂණය යොදා ගැනීමට අවධානය යොමුවී ඇත.
මේ සම්බන්ධයෙන් නියමු ව්‍යාපෘතියක්ද මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා පවත්වා ඇත.
පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තා, කාරක සභා වාර්තා, කාර්ය සාධන සටහන් ඒ අයි තාක්ෂණය ඔස්සේ සකස් කිරීමේ හැකියාව ගැන මෙහිදී විශේෂ අවධානය යොමුවී ඇත. මෙවැනි තාක්ෂණය යොදා ගැනීමෙන් පාර්ලිමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කරගත හැකි බව හර්ෂද සිල්වා මහතා එම කමිටුව හමුවේ පෙන්වාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd