(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
කොළඹ අරලියගහ මන්දිරය සහ ගාලු මුවදොර පිටිය අසල සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ සී බී රත්නායක යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් ඊයේ(18) උදේ ප්‍රශ්නකර ප්‍රකාශ සටහන් කර ගත්තේය.
ප්‍රකාශ සටහන් කර ගැනුණු අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනා වන්නේ සහන් ප්‍රදීප් සහ සංජීව එදිරිමාන්නය.
ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා එම පරීක්ෂණ කණ්ඩායම කතානායකවරයාගේ අවසරය ඇතුව පාර්ලිමේන්තු සංකීර්ණයට ඊයේ උදේ පැමිණියේය.
පරීක්ෂණ කණ්ඩායම ඒ මන්ත්‍රීවරුන් සිවුදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබුවේ අධිකරණයෙන් කෙරුණු දැනුම්දීමක් අනුවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් පාර්ලිමේන්තු වට පෙරේදා(17) දිනයේද පැමිණ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජීව එදිරිමාන්න කියන්නෙ ITN එකේ හරි හිරිකිත විදිහට කඩේ ගිය කෙනා නේද?හරිම සෙවලයි දකිද්දි