IMG-LOGO

පාර්ලිමේන්තුවට අද සිට විශේෂ ආරක්ෂාව

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ප්‍රචණ්ඩකාරීන්  පිරිසකගේ උත්සාහයක් ගැන තොරතුරු හෙළි වීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ප්‍රදේශවල ආරක්ෂක විධිවිධාන දෙගුණයකින් පමණ වැඩි කිරීමට ආරක්ෂක අංශ ප්‍රධානීන්  තීරණය කර ඇත.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (16) පෙරවරුවේ පැවැත්විණ. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.

මේ අනුව පාර්ලිමේන්තු අවට  දියවන්නා ඔයේ නාවික මුර සංචාරද පාර්ලිමේන්තුව අවට ගොඩබිම් ප්‍රදේශවල පොලිස් මුර සංචාරද වැඩි කෙරෙනු ඇත.

බුද්ධි අංශ නිරීක්ෂණ කටයුතුද  පුළුල් කිරීමට තීරණය කර  ඇත.

මෙයට අමතරව පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන්ද යෙදවීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවැසීය.

මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට ඊයේ (15) පැමිණියේය. ඔහු එහි ආරක්ෂාව සම්බන්ධයෙන් උපදෙස් ගණනාවක් ලබාදී ඇතැයි දැන ගන්නට ඇත.

පාර්ලිමේන්තුව මේ සතියේ දින හතරක් රැස්වීමට නියමිත අතර ඒ සෑම දිනකම මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට වැඩිදුරටත් තීරණය කර  ඇත.

එසේම පාර්ලිමේන්තුවට පැමිණෙන්නන් පරික්ෂා කිරීමද හෙට (17) සිට පුළුල් කෙරෙන බව ආරක්ෂක අංශ නිලධාරීහු පවසති.



අදහස් (0)

පාර්ලිමේන්තුවට අද සිට විශේෂ ආරක්ෂාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 51 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 877 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site