(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාර්ලිමේන්තුව අඟහරුවාදා පමණක් රැස්වී කොරෝනා විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්මත කරගෙන කල් දමන්නැයි විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයන් පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කිරීමට සූදානම් වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
මෙම ඉල්ලීම කරන්නේ කොරෝනා වේගයෙන් පැතිර යාමත් සමගම රටේ මතුවී ඇති අවදානම සැලකිල්ලට ගෙන යැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර පවතින කොරොනා අවදානම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු රැස්වීම් සහ එහි අනෙකුත් කටයුතු පවත්වාගෙන යන ආකාරය තීරණය කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ හදිසි රැස්වීමක් (පක්ෂ නායක රැස්වීමක්) හෙට (16)පෙරවරු 11.00 ට කැඳවා ඇත.
කතානායකවරයා පක්ෂ නායක රැස්වීමක් හදිසියේ මෙසේ කැඳවා ඇත්තේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කර ඇති ඉල්ලීමක් අනුවය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ලෝකයේ වෙනත් රටවල් කොරෝනා පනත් සම්මත කරගෙන අවසන් වී ඇතත් ශ්‍රී ලංකාවට කොරෝනා පනත සම්මත කර ගැනීමට වසර එක හමාරක් ගතවීම ගැටළුවක් බවයි.
එම පනත් කෙටුම්පත කෙටි විවාදයකින් පසු සම්මත කර ගැනීමට විපක්ෂය සහයෝගය ලබාදෙන බවද ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් පඩි ඉල්ලන්න වගේ යන්නේ...?
ඇයි බයද වැලිගම් බලා යන්න? කිසිදේකට බයවෙන්න එපා... ගොන්නුන්ට මෙම රෝගය බෝ වෙන්නේ නැහැ..."ඕන ගොනෙකුට" පට්ටියට එකතුවෙන්න දෙන්න එපා.. කල් දාන්න කියන්නත් පුළුවන්නේ නේද මෙයා...?
ගොන්නුන්ට කෝවිඩ් හැදෙන්නේ නෑ... පිස්සු විකාර..!
ඕනෑම ගොනෙකුට කෝවිඩ් හැදෙන්න පුළුවන් වගේම උද්ඝෝෂණය කරන්නත් පුළුවන්...
කොතලාවල පනත සම්මත කරගෙන පාර්ලිමේන්තුව කල් දමන්න...
දැන් ඉතින් ඕක වැහුවත් එකයි, ඇරියත් එකයි..